singapore-death-panalty

සිංගප්පූරුව එරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට වැරදිකරු වූ පුද්ගලයෙකුට 03දා මරණ දඬුවම ලබාදුන් බව වාර්තා වෙයි. ඒ අනුව, සතියක කාලයක් ඇතුළතදී එම චෝදනාව යටතේ තිදෙනෙකු වෙත මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

මරණ දඬුවමට ලක්වූ මෙම පුද්ගලයා 39 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු හෙරොයින් ග්‍රෑම් 54ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ වැරදිකරු වී තිබේ.

සිංගප්පූරුවේ මධ්‍යම මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුව මෙම ප්‍රමාණය මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් 600කට සතියක් සඳහා ප්‍රමාණවත්ය.

මොහු එරට භාණ්ඩ ප්‍රවාහන රියැදුරෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් ෂාලේහ් අබ්දුල් ලතීෆ් නම් මැලේ ජනවර්ගයට අයත් පුද්ගලයෙකු බව පැවසෙයි. ඊයේ එරට චැන්ගි බන්ධනාගාරයේදී ගෙල සිරකර මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කෙරි ඇත.



මීට පෙර සිංගප්පූරු අධිකරණය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ 57 හැවිරිදි මොද් අසිස් බින් හුසේන් නමැත්තා සහ 45 හැවිරිදි සාරිදේවි බින්ටේ ජමානි යන දෙදෙනාටද මරණ දඬුවම ක්‍රියාත්මක කළේය. මේ අතරින් සාරිදේවි සිංගප්පූරුව තුළ වසර 20කට පසුව මරණ දඬුවම ලබාදුන් පළමුවැනි කාන්තාව ලෙසත් ඉතිහාසයට එක්වෙයි.