සයිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වනදා සිට තමන්ගේ සන්නාමය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කීය.
“SINOPEC ආයතනය දන්වලා තියෙනවා, අද උදෑසන වන විට ඔවුන්ගේ තියෙන බෙදුම්කරුවන් 150 න් 109 ක් එක්ක ගිවිසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙන කොට මම හිතනවා 115ක් විතර වෙයි. ලබන සතිය වෙනකොට 150 ම අවසන් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.
ඔවුන් අපිට දැනට දැනුවත් කරලා තියෙනවා, සැප්තැම්බර් 20 ඔවුන් සියලුම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන්කරගෙන තියෙන්නේ කියලා
දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට එම සමාගමට අවසර දී තිබෙනවා”
0 Comments