susil-speaks-2023-al-ol

2024 වසරේ සිට සියලු පාසල්වල වාර විභාග වසරකට වරක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තීරණය කර තිබේ.සෑම පාසලකම 01 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මෙතෙක් සෑම පාසලකම වසරකට වාර විභාග තුනක්  පැවති ක්‍රමය වෙනුවට වසර අවසාන විභාගය පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.




පැවති ක්‍රමය අනුව වාර‍යකට වරක් සෑම විෂයකම එතෙක් ඉගැන්වූ විෂය නිර්දේශය පදනම් කර ගනිමින් වාර අවසානයේ විභාගය අනුව ලබා ගත් ලකුණු සහ අදාළ ශ්‍රේණිය තුළ තමන් සිටින ස්ථානය ද සිසුන්ට දන්වා තිබුණි.වාර විභාග නිසා සිසුන් බරක් දරන බවත්  විෂය නිර්දේශය සහ පාසල තුළින් ලැබෙන බර අඩු කිරීම සඳහා වසරකට වරක් වාර විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කළ බවත් පවසා තිබේ.