ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියගේ සහ ඇගේ පෙම්වතාගේ නිරුවත් ඡායාරූප දියණියගේ යෙහෙළියක විසින් අන්තර්ජාලයට මුසුකරනු ලැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියගේ දියණිය විසිනි.
සිය ජංගම දුරකතනයේ තිබූ තමාගේ සහ තම පෙම්වතාගේ නිරුවත් ඡායාරූප යෙහෙළියක විසින් අන්තර්ජාලයට යොමුකර ඇති බවත්, ඒ හේතුවෙන් තමන්ට අගතියක් සිදුව ඇති බවත් සඳහන් කර ඇති පැමිණිල්ල එය විමර්ශනය කරන ලෙසට සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එම පැමිණිල්ලට අනුව අදාළ ජංගම දුරකතනයේ දත්ත වාර්තා ලබා ගනිමින් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සිය බී වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
නිමන්ති රණසිංහ
0 Comments