එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේදී පැවැති අවසන් ජනාධිපතිවරණ ඡන්ද වීමසීමේ ප්‍රතිඵල අනුව, සුමට බලය හුවමාරුවක් සිදුනොකරමින් තවදුරටත් බලයේ රැඳීසිටීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් එල්ල වූ අපරාධ චෝදනා යටතේ ඔහුට අධිචෝදනා 4ක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාවක් තීරණය කර තිබේ.
ඒ අනුව, හිටපු ජනපතිවරයා තවදුරටත් බලයේ සිටීමේ අපේක්ෂාවෙන් අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධියට පත්කළ බවත්, ඒ හරහා මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ දැරූ බවත් මෙම ජූරි සභාව මෙහිදී පවසා තිබේ. කෙසේ වෙතත්, මෙම චෝදනා අසත්‍ය බවත් තමා ඒවා ප්‍රතික්ෂේප කරන බවත් ට්‍රම්ප් පවසා ඇත.
විශේෂයෙන්ම, සාධාරණ සහ නිදහස් ලෙස පැවැත්වුණු මැතිවරණයක ප්‍රතිඵලය වෙනස් කිරීම සදහා උත්සාහ දැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකු අපරාධ චෝදනා ලැබූ පළමු වැනි අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
මෙම අධිචෝදනාද සමග ට්‍රම්ප් අද (03දා) දිනයේදී එරට වොෂිංටන් ඩීසීහි අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතව තිබේ. මේ අතර ඔහුට එල්ල වූ මෙම අධිචෝදනාවන්ද සමග 2024 වසරේ පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ ඔහුගේ අපේක්ෂාව වෙත තවත් බාධා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මැතිවරණයට පෙරාතුවද ට්‍රම්ප් තමන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් තවත් නඩු වාර දෙකකට පෙනී සිටීමට නියමිතව සිටියි.
0 Comments