ජාතික ගීයට අගෞරව කළ බවට චෝදනා ලද උමාරා සිංහවංශගේ නැගණිය උමාරියා සිය සමාජ මාධ්‍ය ගිණුම තුලින් සහෝදරිය ගැන සටහනක් තබා තිබේ. එය පහත පරිදිය.

‘ඇය මගේ එකකුස උපන් සහකාරියයි. අපිට අවුරුදු 4ක වයස් පරතරයක් තියෙනවා.
ගැඹුරින් හා සැහැල්ලුවෙන් අපි එකට ජීවිතය ගත කළා. !
ඇය උමාරා (මගේ අක්කා) සහ මම උමාරියා (ඇගේ නංගී).
කෙනෙකු යම් තත්වයක සිටින විට, කුමක් කළත් අවධානයට යොමුවෙනවා!
මේ රටේ වඩා විශාල ප්‍රශ්න තිබෙද්දී කළ දේවල් අමතක කර මේ වගේ කුඩා දේවල් ලොකුකර  පෙන්වීම ගැටලුවක්.
(ඇය සංගීත ක්ෂේත්‍රයට කළ දායකත්වය, රට වෙනුවෙන් ඇයගේ දේශප්‍රේමී ගීත, රට නියෝජනය කරමින් දිනූ සම්මාන රාශියක් ගැන ඔබ කතා නොකරන්නේ මන්ද?)



ඒත්  මගේ සහෝදරියට හොඳ හදවතක් තියෙනවා.
එමෙන්ම මේ මොහොතේ සිදුවෙමින් පවතින ගැරහීම්වලට ඇය ලක්වියයුතු නැත.
අන්තර්ජාලයේ සහ වෙනත් තැන්වල මිනිසුන්ට සමච්චල් කිරීම, හිරිහැර කිරීම  තවමත් "මහා දෙයක්" වන ලෝකයක අප තවමත් ජීවත් වීම ගැන මම ලැජ්ජා වෙමි.
ඇය වෙනුවෙන් කරුණාවන්ත වෙච්ච අයට. අපගේ හදවත් පතුලෙන් නැගෙන කෘතඥතාව පළකරනවා.‘



umaria-note-umara