water-bill-hike

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර අද මධ්‍යම රාත්‍රි අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන්නට නියමිතය.
ඒ අනුව 30% සිට 50% දක්වා ගාස්තු වැඩි වීමක් සිදු කෙරෙන අතර අඩු ආදායම් ලාභී පවුල් නොසලකා ගාස්තු සංශෝධනය සිදුකරන්නට පියවර ගෙන ඇතැයි සඳහන් කර තිබේ.


මින් ඉහත පසුගිය මාර්තු මාසයේදී ජල බිල්පත වැඩිවීම අතශ්‍යවශ්‍ය දෙයක්ව තිබුණ  බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සාමාන්‍යාධිකාරි ආචාර්ය වසන්තා ඉලංගසිංහ පවසා තිබුණි.
ඇය එය පැහැදිලි කර තිබුනේ මෙසේය.

‘දැන් අවස්ථා දෙකකදී විදුලි ගාස්තු වැඩි වුණා. ඒ අනුව අපේ ජල සම්පාදන වියදමත් වැඩි වුණා.
ඒ වියදම පියවාගන්න අපි ජල බිල වැඩි කරන්න අවසර ඉල්ලුවාම අපි ඉල්ලපු ගණනම ලැබුණෙ නෑ. අපිට ජල බිල 70%කින් වැඩි කරන්න තමයි එදා අවසර ලැබුණෙ. ඒ අනුව අපි වියදම් කළමනාකරණය කරගෙන ණයත් ගෙවා ගෙන මණ්ඩලයේ කටයුතු පවත්වා ගෙන ආවේ රජය අපිට එකඟතාවක් ලබා දී තිබුණා

2023 සැප්තැම්බර් මාසයේ නැවත ජල බිල වැඩි කරන්න අවසර දෙනවා කියල. නමුත් දැන් ඊට පෙර විදුලි බිල වැඩිවීම නිසා අපේ ජලසම්පාදන වියදමත් වැඩි වෙලා. අපිට කළමනාකරණය කර ගන්න බැරි විදියට නිෂ්පාදන ගාස්තු වැඩිව තිබෙන නිසා වහාම ජල ගාස්තුව ඉහළ දමන්න අපි ඉල්ලා සිටියා. අකැමැත්තෙන් වුණත් අපිට ඒක කරන්නම වෙනවා. එහෙම නොකළොත් බාධාවකින් තොරව ජලය සපයන ක්‍රමවේදයට අවහිරතා ඇති වෙන්න පුළුවන්. ‘

ඇය සිදුකළ ප්‍රකාශය ප්‍රකාරව හෙට අගොස්තු 03 සිට මෙම සංශෝධනය සිදුවනු ඇත.