whats-app-forward-swim-photo

ජනප්‍රිය පිහිනුම් ශූරියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ  හුවමාරු කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂවරයකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (21) නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ,

මෙම සැකකරු අසභ්‍ය ප්‍රකාශන පනත අනුව වරදක් සිදුකර ඇති බවය.

මෙම පැමිණිලිකාරියගේ නිරුවත් ඡායාරූප වස්ඇප් මෘදුකාංගය මගින් ප්‍රචාරය කර, එම ඡායාරූප සන්තකයේ තබාගනිමින් අසභ්‍ය පනත ප්‍රකාරව ලිංගික අතවරයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ, තම සේවාදායකයා ඔහුගේ ජංගම දුරකතනයේ වස්ඇප් සමූහයකට ලැබුණු එම ඡායාරූප තවත් සමූහයකට යොමු කිරිම පමණක් සිදු කළ බවය. (Forward) නමුත් එයද වරදක් බව අධිකරණයේදී නම් කෙරිණි.



මෙම සිද්ධියට අදාළව තමන් වරදක් කළ බවට සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගත්  අතර, ඒ අනුව, සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින්, සැකකරුට  ඇප දුන්නේය. සිද්ධියට අදාළ නඩුව ලබන 4 වැනිදා තෙක් කල් තැබිණි.

නිමන්ති රණසිංහ