
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය අවසන් මොහොතේ නම් කර තිබේ.
15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇත.
මෙම කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරයි.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය දින කිහිපය තුළ ඇතිවූ ආබාධ නිසා ලෝක කුසලානයෙන් සම්පූර්නයෙන් ඉවත්ව ඇත.
දුෂ්මන්ත චමීරගේ සහභාගිත්වය ලබාගන්නටද නොහැකි වී තිබේ.
මේ අතර, ආසියානු කුසලානයේ පකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, ඔක්තෝබර් 7 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ ආරම්භක තරගයට නියමිත වේලාවට යෝග්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරන අතර ඔහු මුල් වොර්ම් අප් තරග වලට එක්නොවනු ඇත.
අනුමැතිය හිමිව ඇති කණ්ඩායම මෙසේය.
- දසුන් ශානක (නායක)
- කුසල් මෙන්ඩිස් (උප නායක)
- පැතුම් නිස්සංක
- කුසල් ජනිත් පෙරේරා
- දිමුත් කරුණාරත්න
- චරිත් අසලංක
- ධනංජය ද සිල්වා
- සධීර සමරවික්‍රම
- වනිඳු හසරංග (යෝග්‍යතාව මත)
- මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)
- දුනිත් වෙල්ලාලගේ
- කසුන් රාජිත
- දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)
- මතීෂ පතිරණ
- ලහිරු කුමාර
Comments
Post a Comment
Your comment will be visible after approval