9-11-rememberance

ඇමරිකානුවන් 9/11 හි භීෂණය දෙස ආපසු හැරී බලමින්, එක්සත් ජනපද භූමියේ සිදු වූ මෙම මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ 22 වන අනුස්මරණය සඳහා ස්මාරක, ගිනි නිවන ස්ථාන, නගර ශාලා සහ වෙනත් ස්ථාන වලට සඳුදා දිනයේ දී රැස් වෙති.

ජනාධිපති ජෝ බයිඩන් ඇන්කරේජ් හි හමුදා කඳවුරක උත්සවයකට සහභාගී වීමට නියමිතය .



පැහැරගත් ගුවන් යානා ප්‍රහාරයෙන් ජීවිත 3,000කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වූ අතර ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය සහ දේශීය භීතිය නැවත සකස් කරන ලදී .

“එදා අපි එකම රටක්, එකම ජාතියක්, ලෙස හැමෝම එකතු වෙලා අපිට පුළුවන් දේ කළා, ” යැයි වර්ජිනියාවේ ගූච්ලන්ඩ් ප්‍රාන්තයේ ගිනි නිවීමේ ප්‍රධානී එඩී ෆර්ගියුසන් පැවසීය.

ගූච්ලන්ඩ් ප්‍රාන්තය ප්‍රධාන නගරයේ සිට සැතපුම් 100ක් (කිලෝමීටර් 160ක්) දුරින් පිහිටා ඇත. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය ජනතාව 25,000ක් පමණ සිටින මෙම ප්‍රාන්තය,  සංවත්සර සැමරුම් දෙකක් පවත්වයි.



රට පුරා සිටින අනෙකුත් ප්‍රජාවන් නිශ්ශබ්දතාවයන්, සීනු හඬ, ඉටිපන්දම් දැල්වීම් සහ වෙනත් ක්‍රියාකාරකම් වලින් උපහාර පුද කරති. ඉන්දියානා හි කොලොම්බස් නගරය පුරාම,  ඊඑම්එස් රේඩියෝ හරහා අනුස්මරණ පණිවිඩයක් විකාශනය කරන අතර එහි මහජන අනුස්මරණ උත්සවයක් ද පවත්වයි.

බාලදක්ෂ බාලදක්ෂිකාවන් ෆෙන්ටන් හි සැමරුම් උත්සවයකදී ධජය ඔසවා අඩකුඹු කරති.  එහි “වීර අනුස්මරණ” ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වානේ කැබැල්ලක් සහ 9/11 වින්දිත ජෙසිකා ලී සැක්ස්ට ගෞරව කරන සමරු ඵලකයක් ඇතුළත් වේ. ලී සැක්ස් ගේ ඥාතීන්ගෙන් සමහරක් ශාන්ත ලුවී උපනගරයේ ජීවත් වෙති.

9/11 වින්දිතයින් කිහිප දෙනෙකුගේ නිවහන වූ New Jersey's Monmouth County හී ප්‍රාන්ත සේවකයින්ට මෙම වසරේ සැප්තැම්බර් 11 නිවාඩු දිනයක් බවට පත් කරන ලද අතර ඔවුන්ට සැමරුම්වලට සහභාගී විය හැකිය.

සංවත්සරය සනිටුහන් කිරීමේ තවත් ක්‍රමයක් ලෙස, බොහෝ ඇමරිකානුවන් කොන්ග්‍රසය විසින් නම් කර ඇති දේශප්‍රේමී දිනය , ජාතික සේවා සහ අනුස්මරණ දිනයන් සදහා ස්වේච්ඡා සේවයක් කරති.

සැප්තැම්බර් 11 වන දින උප සභාපති කමලා හැරිස් , ජාතික  අනුස්මරණ හා කෞතුකාගාර ප්ලාසාවේ උත්සවයට එක්වීමට නියමිතය. මෙම උත්සවය තුළ දේශපාලන චරිතයන්ගේ ප්‍රකාශයන් සිදු නොවන අතර, ඒ වෙනුවට මියගිය අයගේ නම් කියවීම සඳහා වින්දිතයන්ගේ ඥාතීන්ට වේදිකාව ලබා දෙනු ඇත.



ජේම්ස් ජියාකෝන් ඔහුගේ සොහොයුරා වන 43 හැවිරිදි ජෝසෆ් ජියාකෝන් සිහි කිරීම සඳහා නම් කියවීමට මේ වසරේ ද අත්සන් තැබීය. ජෝසප්ගේ නම ඇසීමට පවුල සෑම වසරකම උත්සවයට සහභාගී වේ.

ඒ අනුව ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ජෝ බයිඩ්න්, ඇලස්කාවේ හෝ බටහිර එක්සත් ජනපදයේ , කුමන හෝ ස්ථානයක සැප්තැම්බර් 11 දිනය සිහිපත් කරනු ලබන පළමු ජනාධිපතිවරයා වනු ඇත. රිපබ්ලිකන් පාක්ෂික ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වසර ගණනාවක් තිස්සේ ප්‍රහාර එල්ල කරන ස්ථානවලින් එකකට ගොස් ඇති අතර, බැරැක් ඔබාමා සෑම විටම ධවල මන්දිර උද්‍යානයේ සිට සංවත්සරය සිදු කළේය.

ජනාධිපති ආර්යාව Jill Biden අගනුවර  9/11 ස්මාරකය වෙත මල් වඩමක් තැබීමට නියමිතය.

පැහැරගත් එක් ජෙට් යානයක් කඩා වැටුණු පෙන්සිල්වේනියාවේ, ජාතික වනෝද්‍යාන සේවක මණ්ඩලය විසින් ස්ටෝයිස්ටවුන් හි 93 ජාතික ස්මාරකයේ මල් වඩමක් තැබීමට නියමිතය.