A-2000-year-old-child's-lace-up-shoe-is-found-in-Austria

වසර 2000කට වඩා පැරණි කුඩා දරුවෙකුට අයත් සපත්තුවක් ඔස්ට්‍රියාවෙන් සොයා ගෙන ඇත.
ජර්මානු Bochum-Leibniz භූ සම්පත් සඳහා පර්යේෂණ කෞතුකාගාරයට අනුව, EU 30 (US 12) ට දළ වශයෙන් අනුරූප වන සම් සපත්තුවේ සැලසුම තුලින් එය ක්‍රි.පූ දෙවන සියවසේ දී සාදන ලද්දක් බව අනාවරණය කරයි.

යකඩ යුගයේ සිට ලුණු කැණීම් සිදු වූ බටහිර ගම්මානයක් වන ඩර්න්බර්ග් හි පුරාවිද්‍යාඥයින් විසින් මෙම සපත්තුව සොයා ගත් බව ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වේ.

කාබනික නටබුන් සංරක්ෂණය කිරීමට විශේෂයෙන් උපකාරී වෙන හොඳ ලුණු, සපත්තුව ඒ අයුරින්ම සුරත්ෂිතව තිබීමට හේතු වී ඇති බව සැලකේ.



“ඩර්න්බර්ග් හි අප විසින් සිදු කරන ලද පර්යේෂණ ක්‍රියාකාරකම් මගින් දශක ගණනාවක් තිස්සේ වටිනා සොයාගැනීම් අපට ලබා දී ඇත. සොයාගත් සපත්තුවේ තත්ත්වය විශිෂ්ටයි,” ජර්මානු පතල් කෞතුකාගාරයේ පර්යේෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය තෝමස් ස්ටෝල්නර් ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් කළේය.

කෞතුකාගාරය පවසන ආකාරයට, යකඩ යුගයේ ජීවත් වූ පතල් කම්කරුවන්ගේ වැඩ සහ ජීවිත පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා Dürrnberg හි කැණීම් කටයුතු සිදු කෙරේ.

පුරාවිද්‍යාඥයන් විසින් මෙම සපත්තුව සොයා ගන්නා ලද්දේ , ලී සවල් තලයක කොටසක් මෙන්ම ලොම් තොප්පියක යැයි සැක කල හැකි ලේස් සහිත ලොම් අවශේෂ ඇතුළු අනෙකුත් කාබනික නටබුන් අතර තිබියදීය.

වාර්ථාවන්ට අනුව, සංරක්ෂණය කර ඇති සපත්තු හණ හෝ ලිනන් වලින් සාදන ලද ඒවා විය හැකි බව දැක්වේ.



දරුවෙකුගේ සපත්තුව සොයා ගැනීම “විශේෂ දෙයක්”, බව කෞතුකාගාරය පවසයි.

ස්ටෝල්නර් තවදුරටත් පැවසුවේ, “කාබනික ද්‍රව්‍ය සාමාන්‍යයෙන් කාලයත් සමඟ දිරාපත් වේ.  නමුත් ඩර්න්බර්ග් හි තිබී සොයාගත් රෙදිපිළි අවශේෂ , අසූචි හා මෙම දරුවාගේ සපත්තුව වැනි සොයාගැනීම්, වැනි දේ තුලින් යකඩ යුගයේ පතල් කම්කරුවන්ගේ ජීවිතය පිළිබඳ අතිශය දුර්ලභ අවබෝධයක් ලබා ගත හැකි බවයි.