Asia-Cup---Sri-Lanka-win-against-Afghanistan

ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය තියුණු ආකාරයට ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගයට සුදුසුකම් ලබාගැනීමටද සමත්විය.
අද (05) පාකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුන මෙම තරගයේදී
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291ක් ලබා ගැනීමට සමත් වුණි.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37යි පන්දු 04කදී ලකුණු 289ක් ලබාතිබියදී සියල්ල දැවී ගියේ ජයග්‍රහණයට ලකුණු 2 ක් පමණක් ඉතිරිව තිබියදීය.



ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු 41ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 32ක් ලබා ගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් හා චරිත් අසලංක ලකුණු 36ක් ද මහීෂ් තීක්ෂණ ලකුණු 28ක් සහ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු33ක් රැස් කිරිමට සමත් වුණා.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Gulbadin Naib කඩුලු 4 ක් හා Rashid Khan කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ Mohammad Nabi පන්දු 32කට ලකුණු 65ක් ලබා සිටියදී මහේෂ් තීක්ෂණගේ පන්දුවකට දැවී යාම විශේෂිතය.
Hashmatullah Shahidi පන්දු 65කට ලකුණු 59ක් ලබා සිටියදී දුනිත් වෙල්ලාලගේ පන්දුවකට දැවී යාමත් විශේසිතය.
මෙම තරගය ලකුණු 02කින් ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 04 දෙනාගේ වටය සඳහා ඍජුව සුදුසුකම් ලබා ඇත.