දියවන්නාව සහ පාර්ලිමේන්තුව පිහිටා ඇති ස්ථානවල භූත දෝෂ ඇති බව පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ආචාර්ය දිශාන්ත පීරිස්ය. ඔහු දියුණුවට මඟ හා දියුණුවේ රහස් සඟරාවේ කතුවරයාය. එමෙන්ම ආකල්ප සංවර්ධන උපදේශකවරයෙකි. මීට අමතරව වාස්තු විද්‍යාව හා ජේයාතිෂ විෂයයට සම්බන්ධ උපදේශකවරයකු ලෙසද කටයුතු කරන්නේය. කෙසේ හෝ ඔහුගේ මෙම හෙළිදරව්වෙන් පසු වැඩිදුරටත් තොරතුරු විමසා බැලීමකි මේ.
ඇත්තටම පාර්ලිමේන්තුව හා දියවන්නාව අවට ඇති භූත දෝෂවල ඇති ස්වභාවය කෙසේද?
“විශ්වය තුළ අපේ ඇසට පෙනෙන ඒ වගේම නොපෙනෙන බලවේග හා ශක්ති කලාප ඕනෑ තරම් තිබෙන බව අපි දන්නවා. ඒක අපි පිළිගත යුතුයි.
අපි මේ ගැන අවබෝධයක් ඇතිව ක්‍රියාකළ යුතුයි. දැන් බලන්න අපේ රටේ ජනතාව මොන තරම් පාර්ලිමේන්තුවට හා එහි සිටින මන්ත්‍රිවරු 225ට ද්වේශ කරනවාද, වෛර කරනවද කියලා.
සොබාදහමේ නීතියක් තිබෙනවා අපි වපුරන දේ තමයි සිය දහස් ගුණයකින් ලැබෙන්නේ කියලා. උදාහරණයක් කිව්වොත් කුඹුරට වී මල්ලක් දාලා වී මලු බොහෝ ප්‍රමාණයක් අස්වැන්න හැටියට අපි ගන්නවා. ඒක සොබාදහමින් ලැබෙන දෙයක්. එහෙම ලැබෙන්නේ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය ඒ තුළ ඇති නිසා.
මීට පරබාහිරව අපි වෛරය, කේරා්ධය, ද්වේශය වපුරනවා නම් අපට ලැබෙන්නේ ඒකම විතරයි. මෙහෙම වෙන්නේ වචන ඉතා බලවත් නිසා. ඒ නිසා අපි යහපත් විදිහටම හිතලා වචන අවභාවිත නොකළ යුතුයි. පාර්ලිමේන්තුවේ 225 හොඳ නැත්නම් ඒක වෙනස් කිරීමේ බලය ලැබෙන වෙලාවට අවශ්‍ය නැති අය ඉවත් කළ යුතුයි. එහෙම නැතිව ඒ ආයතනයට ෙදාස් නඟලා ශාප කරලා වැඩක් නැහැ. ඒකත් මේ මොහොතේ මතක් කළ යුතුයි.
මොකද අපි ශාප කරන හැම මොහොතකම ඒ නරක එකතු වෙන්නේ එහෙමත් නැත්නම් මුදා හැරෙන්නේ මේ විශ්වයට.
කොස් ගහක වුණත් එතරම් හොඳ ගෙඩියක් ආපු නැති වුණා. ෙදාස් කියන්න නැතිනම් අප්‍රසාදයෙන් කතා කරන්න නරකයි. එහෙම වුණාම ආපහු ගෙඩි එන්නේම නැති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා.
ඉතින් මේ වෙලාවේ මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඒ පරිසරය අදාළ කරගෙන ෙදාස් නඟන්න එපා කියලා. ඒ වගේම මම මගේ අදහස තවදුරටත් කියනවා නම් මෙන්න මෙහෙමයි. පාර්ලිමේන්තුව තුළ හා ඒ පරිසරය සම්බන්ධව විද්වත් සොයා බැලීමක් හා කතිකාවක් දැන් පෙරටත් වඩා අවශ්‍ය වී තිබෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි.”
ආචාර්ය දිශාන්ත පීරිස් සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුව හා ඒ පරිසරය ගැන වැඩි අවධානයකින් සොයා බලන්නේ කෙසේද? මේ සම්බන්ධව ඔහුගේ අදහස් අපි විමසුවෙමු.
“පුරාණ කාලයේ ඉඳලම අපි පන්සලක ධර්මශාලාවක් හැදුවත් ධර්ම ආසනය ගැන සැලකිලිමත් වුණා. ඊට ආශීර්වාදය ලැබෙන ආකාරය පිළිබඳව බැලුවා. එහෙම බැලූ නිසා තමයි එදා හදපු වැවකින්, ඇළකින් අපිට නිසි ප්‍රයෝජන ලැබෙන්නේ.
ඒ වගේම සංචාරකයෝ වැඩිපුර ගමන් කරන සීගිරිය දිහා බලන්න. ඒ තුළත් භෞතික හා ආධ්‍යාත්මික වටිනාකමක් තිබෙන විදිහට ගොඩනඟා තිබෙනවා. කවුරුත් ෙදාස් කියන්නේ නැහැ. ද්වේශ කරන්නේ, වෛර කරන්නේ නැහැ. එහෙම නම් උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවත් එවැනි තැනක් කළ යුතුයි නේද?
දැන් පාර්ලිමේන්තුව පිහිටා තිබෙන්නේ කොහෙද? දියවන්නාව තුළයි. එතකොට මේ දියවන්නා ඔය කෝට්ටේ රාජධානියට සම්බන්ධ තැනක්නේ. එතකොට එහි ඉදිකොට ඇති පාර්ලිමේන්තුව බලවත් විය යුතුයි. කොන්ක්‍රීට් වනාන්තරවල විශ්ව ශක්තිය රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ ශාක මූලික කරගෙනයි. ඊට ආධ්‍යාත්මික වැඩසටහන් අවශ්‍යයි.
මොකද රටේ සුබසිද්ධියට තීරණ ගන්නා තැන පූජනීය, ෙදාස් නැති තැනක් විය යුතුයි. ජලය ආශ්‍රිත ස්ථානයක මේ වගේ තීන්දු තීරණ ගන්නා ස්ථානයක් තිබීම සුදුසුද යන්න අපි සොයා බැලිය යුතුයි. පසුගිය කාලේ විවිධ අයගෙන් මේ සම්බන්ධ අදහස් ප්‍රකාශ වුණා.
සාමාන්‍යයෙන් අපි දන්නවා ආධ්‍යාත්මික කටයුතුවලට ජලය යොදා ගන්නවා. පිරිත් හා බෞතීස්ම කටයුතුවලදී ඒ බව අපට හොඳින් පෙනෙනවා. ඒ වගේම දිය කැපුමට ජලය පාවිච්චි කරනවා. ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා හා අධිශීල සම්පත්තියටත් ජලය පාවිච්චි කරන බව අපි දන්නවා. ජලය බලවත්. සිතුවිලිවලටත් ජලය සම්බන්ධයි. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුව පිහිටා තිබෙන මේ ප්‍රදේශය ගැන අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
මෙහිදී පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වටා ඇති උද්‍යානය ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ඒ පරිසරය ආශීර්වාදයක් වන විදිහට හැඩගස්වා ගත යුතුයි. ඒකට තමයි අපි අතීතයේ කිව්වේ උද්‍යාන අලංකාරය හා ගෘහ අලංකාරය කියලා.
මෙතැනදි එහි ඇති උද්‍යානයට ගැළපෙන හා ආශීර්වාදය ලැබෙන ශාක වර්ග හා විවිධ දිශාවන්වලට ගැළපෙන විධියේ පැළ වර්ග සිටුවීම ගැන අපිට අවබෝධයක් තිබිය යුතුයි. එමෙන්ම මල් වර්ග ගැන අපි අවධානය යොමු කළ යුතුයි. විශ්ව ශක්තිය ඒ දෙසට සම්බන්ධ වන්නේ එවිටයි.
දැන් නිවෙසක ගෘහ උපකරණ වුණත් ස්ථානගත කරන විදිහක් තිබෙනවනේ. ඊළඟට පිටත්වන ෙදාරටුව වගේම ආහාර ලබාගන්න හා ආහාර පිසින තැන් ගැනත් අවධානය යොමු කරනවනේ. මේවා කළ යුතුයි. මොකද අද පස් ටික අරන් පුච්චලා ටයිල් හදනවා. ගහ කපලා, ගහ මරලා අවශ්‍ය ලී ටික ගන්නවා. පුරාණ කාලේ එහෙම නැහැ. වැටිච්ච ගහේ අත්ත වහලට ගන්නවා. පස් ටිකට වතුර දාලා මඩ කරලා ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් දෝෂ තිබුණේ නැහැ. මේ නිසා පුද්ගලයාගේ ජීව ශක්තියයි, උපකරණ අතර තිබෙන ජීව ශක්තියයි අතර ගැළපුම සාපේක්ෂ වශයෙන් අඩුයි. මේ නිසා පරිසර පද්ධතිය ගැන වැඩි අවධානයක් යොමු කරලා පාර්ලිමේන්තුව අවට හා ඒ තුළ ඇති දෝෂ අඩුකර ගැනීම ගැන දැන් අවධානයට යොමු කරගත යුතු බව මම කියන්නේ.
පාර්ලිමේන්තුව අවට අරලිය ගහක් ඇත්නම් ඊට ලැබෙන විශ්ව ශක්තිය එකක්. සමන්පිච්ච වැලක් සිටුවා තැබුවම එන ජීව ශක්තිය වෙන එකක්. කරඹ, කොහොඹ හා ඇහැළ පැළයක් සිටුවන එක වෙනස්. රඹුටන්, කෝන් කජු ගහක් සිටුවන එක තවත් වෙනස්. මේවා විශ්වය සමඟ කරන ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා.
මේවා ගැන අපි අවධානය යොමු කරලා ඒ පරිසර කලාපය තුළ සුබ ශක්තිය වර්ධනය කර ගැනීමේ පිළිවෙතක් අවශ්‍යයි.” ආචාර්ය දිශාන්ත පීරිස් දියවන්නාවේ අතීතය ගැනද දක්වා සිටින්නේ වෙනස් කතාවකි. ඔහු පවසන්නේ සමුද්‍ර දේවිය වැනි අය ගිල්වා මරා දැමූ එමෙන්ම තවත් ඝාතන සිදුවූවා යැයි කියන දියවන්නා ඔය තුළ දෝෂ පැවැතිය හැකි බවය.
“වීදියබණ්ඩාර කුමරු සමුද්‍ර දේවියව මරා දැමූ තැන මෙතැන බව අපි දන්නවා. මෙතැනත් සුබ සහ අසුබ කලාප තිබෙන්න පුළුවන්. පරිසරය තුළ සිදුවන බොහෝ දේ අපිට පෙනෙන්නේ නැහැ. කොරෝනා සමයේ අපිට ඒක බෝ වෙන හැටි පෙනුණේ නැහැ.
ඉතින් මම හිතනවා ඉතිහාස කාරණාත් අරගෙන මෙතැන යම් නොපෙනෙන දේ තිබෙනවාද, ඒවා හරිගස්සවා ගන්නේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි.
දැන් අතීතයේ ඉඳලම පාර්ලිමේන්තුවට ගිය නායකයන් දිහා බැලුවහම ඒ හැමෝම නරක නැහැනේ. වැඩක් කරන්න උත්සාහ ගත්තනේ. නමුත් ඔවුන් ගත්ත බොහෝ තීන්දු තීරණ හා අණපනත්වල අඩුපාඩු හා ප්‍රශ්න පසු කාලයේදී පෙනෙන්නට තිබුණා. එක්කෝ හොඳම දේ වුණත් සාර්ථක වුණේ නැහැ. මේ නිසා තමයි මම කියන්නේ මේ සම්බන්ධව විශ්ලේෂණයක් හා මැදිහත්වීමක් දැන් අවශ්‍ය යයි කියලා. යහපත් ප්‍රතිඵල ගැනීමේ අරමුණින් මෙහි ඇති දෝෂ ඇත්නම් ඒවා සොයාබලා ඉවත් කර යුතුයි.
මම යළිත් කියන්නේ පාරිසරික කලාප තුළ ඇති අසමතුලිතතා අපි ඉවත් කරගත යුතුයි. එවිට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඒක දියවන්නාවටත්, ඒ කලාපයටත් පොදුයි. මහා පිරිතට කරණීයමෙත්ත සූත්‍රය යොදා ගත්තෙත් මෙවැනි ගැටලු නිසානේ. පරිසර පද්ධතිය ගැන එතැනදිත් අවධානය යොමු කොට තිබෙනවා.
ඒ නිසා මම හිතනවා අතීතයේ සිටම රට වෙනුවෙන් ගන්න ගිය සමහර තීන්දු තීරණ අසාර්ථක වුණේ මෙවැනි පාරිසරික දෝෂ ඇති නිසා කියලා. ඒක ගැන විද්වත් කමිටුවක් හරහා අධ්‍යයනය කිරීම වැදගත්.”
සමන් ප්‍රියංකර නම්මුනිගේ
0 Comments