Fitch-Ratings-downgrades-Sri-Lanka-C-RD-IMF

ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම  දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.


ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේ, දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර, එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර C මට්ටමේ වර්ගීකරණය කර ඇති බවයි.
ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 03ක විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ ආරම්භ වු අතරවාරයේ මෙය සිදුවීම විශේෂිතය.
රොයිටර් පුවත් සේවය පවසන්නේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ නව සාකච්ඡා වටයක් ආරම්භ වීමට නියමිත බවයි.


ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු රජය සතු ව්‍යාපාරවල ණය පිළිබඳ මෙහි දී අවධානය යොමු කරනු ඇත.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව  ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහි දී ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව 30%ක ණය අගය කප්පාදුවක් අපේක්ෂා කර තිබුණි.