Indian-actress-Andrea-Jeremiah-who-came-to-Sri-Lanka-went-Nallur

රූගත කිරීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක හා ගායිකාවක වන ඇන්ඩ්‍රියා ජෙරමියා අද (20) යාපනයට පැමිණ නල්ලූර් කන්ද ස්වාමි කෝවිලට ගිය බව කියැවේ.
එම අවස්ථාවේ ඇය ඡායාරූප කිහිපයකටද පෙනී සිටි අතර උතුරු වෙරළේ සංචාරයකට ඇය ගොස් තිබුණි.
37 හැවිරිදි Andrea Maria Jeremiah යනු ප්‍රධාන වශයෙන් දෙමළ සහ මලයාලම් භාෂා චිත්‍රපටවල වැඩ කරන ඉන්දියානු නිළියකි. පසුබිම් ගායිකාවක සහ සංගීතවේදිනියක ලෙසද කටයුතු කර ඇත. ඇය ‘පචයිකිලි මුතුචරම්‘ දමිළ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි අතර, මලයාලම් සිනමාවට පිවිසියේ ‘අන්නායුම් රසූලුම්‘ චිත්‍රපටියෙනි.

දකුණු ඉන්දීය දෙමළ සිනමාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති. ප්‍රභූදේවා, ස්නේහා, ජනනි, කලාමාස්ටර්, රක්සිතා වැනි සිනමා ක්ෂේත්‍රයේ විවිධ ජනප්‍රිය තරු  ලංකාවට පැමිණීම විශේෂත්වයකි.
ඇය යාපනයේදී ලබාගත් ඡායාරූප හා ඇගේ තවත් ඡායාරූප එකතුවක් පහතින්