Indias-push-for-World-Cup-Coach-Silverwood

ඊයේ ආසියානු කුසලානය හමුවේ ඉන්දියාව වෙතින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු සුන් කරවන පරාජයක් ලැබූ නමුත් එය ධනාත්මකව ගතයුතු බවත් එළැඹෙන ලෝක කුසලානේදී ප්‍රමුඛ කණ්ඩායම්වලට එරෙහිව දැඩි ලෙස තරඟ කිරීමට අවශ්‍ය "අවදි කිරීමේ ඇමතුමක්" ඉන් ලැබුණු බවත්  ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සිල්වර්වුඩ් පවසයි.

සමහර විට ශ්‍රී ලංකාව යථාර්තය වෙත නැවත ගමන්කරන  කම්පනයක් මින් ලැබුණා...එය දිගු කාලීනව ඔවුන්ට යහපත් වනු ඇත.

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ක්‍රික් ඉන්ෆො සමග කළ සාකච්ඡාවකදී පවසා තිබේ.
 ශ්‍රී ලංකාව කඩුලු 10 ක දැවැන්ත පරාජයකට ලක්වූ තරගයේදී සියල්ලන් ලකුණු 50කට දැවී ගිය අතර ඊට පසු ඉන්දියාව ඕවර හතක් ඇතුළත ඉලක්කය කරා යාමට සමත් විය.

“සමහර විට අපට කණට ගැසීම ලෝක කුසලානයකට යන කණ්ඩායමක් හැටියට නරකම දෙය නොවේ,” ඔහු පැවසීය. සමහර විට මෙය අවදි කිරීමේ ඇමතුමක් පමණක් විය හැකිය, අපට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි කණ්ඩායම් සමඟ තරඟ කිරීමට එය අනු බලයක් වේවි.අපි අපගේ ක්‍රීඩාවේ ඉහළින්ම සිටිය යුතුය. සමහර විට අපට භාවිතා කළ හැකි පාඩමක් මෙයින් ලැබුණා.. එය ලෝක කුසලානයට සාර්ථකව යාමට අපව පෙලඹවිය හැකිය.  ඔහු පැවසීය.



 "පැහැදිලිවම එය අපේ නරක දවසක්‍. පැහැදිලිවම අපි ඉතා ඉහළ පෙළේ පන්දු යැවීමේ ඒකකයකට පැරදුණා. අපි මෙලෙස අවසන් කිරීම ලැජ්ජාවට කරුණකි. එය අපට වැඩිපුර දරාගන්න අමාරු තරම් දරුණුයි ' නමුත් විශාල තරඟාවලියක් එනවා. ඉගෙනීමට පාඩම් සිතා බැලිය යුතුයි අපි ඉදිරියට යා යුතුයි."

කෙසේ වෙතත්, සිල්වර්වුඩ් ශ්‍රී ලංකාවේ උත්සාහයේ ගුණාත්මක බව අවසන් මහා තරගය දක්වාපැවති බව  පිළිගත්තේය. ශ්‍රී ලංකා කන්ඩායම බංග්ලාදේශය දෙවරක් පැරදවූ අතර, පකිස්ථානයට එරෙහිව ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජයග්‍රහණ ලබාගෙන තිබුණි. ඒවා ගැන ඔහු විශේෂයෙන් සතුටු විය. තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ  හා මතීෂ පතිරණ තරඟාවලියේ කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ඉහළටම පැමිණීමද ජයග්‍රහණයකි.

"අවසන් තරගයට යාමට අපි ඉතා හොඳ ක්‍රිකට් කිහිපයක් ක්‍රීඩා කළා. අපිට ගොඩක් සටන් කරන්න සිද්ධ වුණා. මට ඒ සටන් ටිකත් ජයග්‍රහණයක්." සිල්වර්වුඩ් පැවසීය.