It-was-because-of-my-patience-that-I-did-not-budge-Samita

ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව සතිඅන්ත පුවත්පතකට දක්වා තිබෙන අදහස් පහත පරිදිය.

සමාජ මාධ්‍යවල සුලබත්වය සමඟ කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය රසිකයන්ට නිරාවරණය වන ප්‍රමාණය වැඩියි, මේක කොයි ආකාරයෙන්ද බලපාන්නේ?


මම පෞද්ගලිකව ශ්‍රෙයා ගෝෂාල්ට, සෝනු නිගම්ට, ශාරුක් ඛාන්ට කැමතියි. ඉතිං මමත් ආසයි ඔවුන්ගේ විස්තර හොයන්න, කොහෙද යන්නේ, කොහෙද ඉන්නේ, එයාලගේ ජීවන රටාව කොයි වගේද දේවල් දැනගන්න මාත් කැමැතියි. ඉතිං මටත් පෞද්ගලිකව එහෙම කැමත්තක් තිබෙනවා නම් අපේ ලංකාවේ රසිකයන්ට එයාලා ආදරය කරන කලාකරුවෝ ගැන එහෙම කුතුහලයක් නොතිබෙන්න බෑනේ. ඔවුනුත් කැමතියි ඔවුන් ආදරය කරන කලාකරුවන්ගේ තොරතුරු දැනගන්න.



ජීවිතයට ආපු අභියෝග හමුවේ නොසැලී හිටියේ කොහොමද?

මම හිතන්නේ ඒකට හේතුව මගේ ඉවසීම, ඉවසීම නැත්තම් සිදු වෙන්නේ විනාශයක්. මට මොන දේ කිව්වත් කරත්, මම  නැවත මොන දෙයක්වත් පෙරළා කිව්වේ හෝ කළේ නැහැ. එහෙම කියන කරන දේවල්වලට වඩා මට ලොකු රසික ආදරයක් ලැබුණා. සුළුතරයක්  කියන කරන දේවල්වලදී මම ඔළුව කෙළින් කරගෙන හිටියේ මට ආදරය කරන්න ගොඩක් අය ඉන්න නිසා. ඒ වගේම මගේ පවුල හැම වෙලේම මාත් සමඟ හිටියා මගේ දරුවෝ, මගේ චිරන්ත. මේ තුන්දෙනා මාත් එක්ක ඉද්දී මොන දේටවත් මාව වට්ටන්න බැහැ.

සාකච්ඡාව - අක්ෂි මාපා වීරසිංහ