Mawan-Athapattu-says-that-Mathews-and-Avishka-are-not-available-for-the-World-Cup

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ අවාසනාවන්ත ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රීඩා කිරීම අහිමිව ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මාවන් අතපත්තු හෙළි කර තිබේ.
ක්‍රිකට් විචාරකයෙකු ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වෙතද සම්බන්ධවන මාවන් අතපත්තු පවසන්නේ තමාගේ අභිමතය නම් ඇන්ජලෝ මැතිව්ස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්දින ලෝක කුසලාන සංචිතයට තෝරාගත්තේ නම් වාසියක් පවතින බවයි.


අත්තපත්තු පෙන්වා දුන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම එක්දින වාර්තාවට හිමිකම් කියන්නේ ඇන්ජලෝ මැතිව්ස් බවයි.
"ඔහු ශාරීරිකව යෝග්‍ය නම්, ඔහු ශ්‍රී ලංකා සංචිතයට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්," අත්තපත්තු පැවසීය.
අවිශ්ක ප්‍රනාන්දු ලෝක කුසලාන තරගාවලියකදී ද ශතකයක් ඇතුළුව හොඳ වාර්තාවකට හිමිකම් කියන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“අපිට විවෘත ප්‍රශ්නයක් තියෙනවා. අවිශ්ක ත් විශිෂ්ට පන්දු රකින්නෙකි. ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්ත නම් ඔහු කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු ලෙස සලකනවා” යැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා පෙන්වා දුන්නේය.

ලෝක කුසලාන තරගාවලියකට මුහුණදීමේදී ශ්‍රී ලංකාවට අවම වශයෙන් පළපුරුදු ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ අවශ්‍යතාවය පවතින බව මාවන් අතපත්තු විශ්වාස කරයි.



ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට තමන් කැමතිම ක්‍රීඩකයින් ගැන අදහස් දක්වමින් අත්තපත්තු පැවසුවේ ඉන්දියාවට හොඳ කණ්ඩායමක් සිටියත් මෙවර ඉන්දියාව දැඩි පීඩනයකට ලක්වන බවයි.

කණ්ඩායම් අතරින් බංග්ලාදේශය 1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට සමානකමක් දක්වන බැවින් එම කණ්ඩායමේ දස්කම් දෙස බලා සිටින බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

ශ්‍රී ලංකාව ගැන කතා කරන විට අතපත්තු විශ්වාස කරන්නේ විශ්වාස මට්ටම හොඳින් සකසා ගතහොත් ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දුර යාමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවයි.

“ශ්‍රී ලංකාව දිනනවා නම් මමත් එයට කැමතියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන බව මට ස්ථිරව කිව නොහැකි“ බව ඔහු වැඩිදුරටත් පැවසීය.