Riza-who-was-trying-to-go-from-America-to-England-on-a-wheel-was-stopped-by-the-Coast-Guard

ඇමරිකාවේ ජෝර්ජියා අසළ වෙරළේ සිට යෝධ හැම්ස්ටර් රෝදයකින් සැතපුම් 1,000ක් ගමන් කර එංගලන්තයට යාමට පුද්ගලයෙකු ගත් උත්සාහය ඇමරිකානු වෙරළාරක්ෂක නිලධාරීන් නවතා දමා තිබේ.‍ෙ රීසා බලුචිමෙීට පෙරත් මෙවැනි කටයුත්තක අනවසරයෙන් යෙදෙන්නට උත්සාහ කර ඇති අතර අල්ලා ගත් දෙවන අවස්ථාව මෙයයි. අති දක්ෂ  මැරතන් ධාවකයෙකු වූ ඔහුගේ පළමු උත්සාහයෙන් වසර දෙකකට පෙර සිදුවිය.

ෆ්ලොරිඩාවේ පදිංචිකරුවෙකු වන ඔහු ලන්ඩනයට යන ගමන සාම්ප්‍රදායික නොවන හැම්ස්ටර් රෝද උපාංගයකින් සිදුකරන්නට හැදුවේය.
අගෝස්තු 26 වන දින, 44 හැවිරිදි Reza Baluchi, වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ජෝර්ජියාවේ Tybee දූපතට සැතපුම් 70 ක් දුරින් බේරා ගත් අතර මේවනවිට ෆෙඩරල් පොලිසියේ චෝදනාවලට මුහුණ දෙමින් සිටී.

එක්සත් ජනපද වෙරළාරක්ෂක නිල අපරාධ පැමිණිල්ලේ සඳහන් වූයේ: වයර් ඇදීම සහ බෝයාවන් හේතුවෙන් පාවෙමින් තිබූ යාත්‍රාවේ තත්වය පැහැදිලිවම අනාරක්ෂිත ගමනක් බවය."අනාරක්ෂිත" ලෙස සලකනු ලබන එන්ජිමක් එහි පැවති අතර එහි එන්ජිම යනු දෙපස පුම්බන ලද බෝයාවන් සහ ඇතුළත නිවැසියෙකු විසින් තල්ලු කරන ලද පැඩල් යාන්ත්‍රණ වලින් සමන්විත දැවැන්ත ලෝහ බෙරයකි.

රීසාට ඔහුගේ ජලජ උපකරණ සඳහා අවශ්‍ය ලියාපදිංචිය ලබා දීමට නොහැකි වූ බව කියනු ලැබේ.



වෙරළාරක්ෂක නිලධාරීන් ඔහුගේ ගමන නවතන්න හදද්දී රීසා තමාව රඳවා ගැනීමට උත්සාහ කළහොත් අඟල් 12 ක පිහියක් භාවිතා කර ස්වයං-හානි කර ගන්නා බවට තර්ජනය කර ඇති අතර බෝම්බයක් ඇති බවද කියා බිය ගන්වා තිබුනි. පසුව, ඇත්ත වශයෙන්ම බෝම්බයක් නොමැති බවට රීසා පාපොච්චාරණය කලේය.
අධිකරණ ලේඛනවලට අනුව, මෙය ඔහුගේ හැම්ස්ටර් රෝදයේ ජලය හරහා ගමන් කිරීමට රීසාගේ පළමු උත්සාහය නොවේ.
2021 දී, ෆ්ලොරිඩාවේ සිට නිව් යෝර්ක් දක්වා ඇමරිකාවේ නැගෙනහිර වෙරළ දිගේ උතුරු දෙසට දැවැන්ත ගමනක් යාමට උත්සාහ කරන විට රීසාගේ හැම්ස්ටර් රෝදය වැරදි දිශාවට සැතපුම් 30 ක් ඇදී ගියේය.
ඔහු මේ ගමන යන්නේ අරමුදල් එක්රැස්කිරීමට බවත් නිවාස නොමැති අය සඳහා, නිවාස තනා දෙන බවත් ඔහු ප්‍රසිද්ධ කර තිබුණි.
ගමන ආරම්භය වනවිට $20,000 අරමුදල් එක්වී තිබූ බවද පැවසිණි.