දකුණු කොරියාව විවාහවීම සහ දරුවන් සැදීම කෙරෙහි තරුණ තරුණියන් උනන්දු කරවීමට මේදිනවල රජයේ ප්‍රචාරණයක් දියත් වන අතර එහිදී දරුවන් බලාගැනීම පිළිබඳ කණස්සල්ලෙන් කතාකරන අයගේ ගැටලු විසඳීමේ අටියෙන්, බලධාරීන් විසින් නව උපක්‍රමයක් ලෙසෙ විදේශීය ගෘහ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ඉහළ දමා තිබේ.
විදේශීය ගෘහ සේවිකාවන් 100 දෙනෙකුට සෝල් අගනුවර සේවය කිරීමට අවසර දීමේ නියමු වැඩසටහනක් දෙසැම්බර් මස මුලදී ආරම්භ කරන බව රජය සිකුරාදා නිවේදනය කළේය.
දකුණු කොරියාව වයස්ගත ජනගහනයකට, අඩු වෙමින් පවතින ශ්‍රම බලකායට සහ විවිධ අංශවල ශ්‍රම හිඟයට මුහුන දී සිටින බැවින්, මෙම සැලැස්ම මගින් විදේශීය ශ්‍රමිකයින් සේවයේ නියුක්ත කිරීමට සුදුසුකම් ඇති කර්මාන්ත සහ සමාගම් සංඛ්‍යාව පුළුල් කරනු ඇත.
විදේශීය ගෘහ සේවිකාවන් අවම වශයෙන් වයස අවුරුදු 24ට වැඩි විය යුතු අතර, අපරාධ හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා නොතිබිය යුතුය. සමාලෝචනය කිරීම හා පසුබිම් පරීක්ෂාවන්ට භාජනය වනු ඇත. සංක්‍රමණිකයන්ගේ සේවා පළපුරුද්ද, දැනුම සහ භාෂා ප්‍රවීණතා කුසලතා ද බලධාරීන් විසින් ඇගයීමට ලක් කරනු ඇත.
ඔවුන් "විශ්වසනීය ආයතන" හරහා කොරියානු නිවාසවල තැන්පත් කරනු ලබන අතර, එහි මාස හයක කාලය තුළ වැඩසටහනේ සාර්ථකත්වය නිරීක්ෂණය කරනු ඇති බව ප්රවෘත්ති නිවේදනයේ දැක්වේ.
තම හාම්පුතුන්ගේ නිවෙස්වලින් පිටත ජීවත් වන සහ රැකියාවට යන ගෘහ සේවිකාවන්ට පැයකට කොරියානු වොන් 15,000 (රු 3700 ) වඩා ගෙවන අතර, ඔවුන්ගේ සේවා යෝජකයන්ගේ නිවාසවල ජීවත් වන අයට මසකට වොන් මිලියන 4.5 ක් (රු ලක්ෂ 11 පමණ) ගෙවනු ලැබේ.
0 Comments