
කුඩා කල සිට තමන්ව ඇතිදැඩි කළ මවුපියන්ව අතහැර යන දරුවන් පිළිබඳව වාර්තා වන සමාජයක තම අතුරුදන් වූ මව සොයා ගැනීමට වසර දෙකක කාලයක් වෙහෙසුණු දරුවන් තිදෙනෙකු පිළිබඳව පුත්තලමින් වාර්තාවේ.
ඔවුන් තමන්ට සොයා ගැනීමට අපහසුවූ මව පිලිබඳ තොරතුරු පොලිසියට දැන්වීමෙන් පසු
එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මව සොයා දීමට උපකාර වුණේ හොරණ පොලිසියයි.
63 වන වියේ මේ මව වසර දෙකකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි අතර හොරණ පොලිස් නිලධාරීන් විසින් හොරණ ප්‍රදේශයේ මාර්ගයක සිටියදී සොයාගෙන මවගේ දරුවන්ට දන්වා තිබේ.
පසුව ඇයව යළි දරුවන් වෙත භාර දීමට කටයුතු කර තිබුණි.
නමුත් ඇයගේ වයසත් සමග ඇයට දරුවන් පිළිබඳව මතකයක් තිබී නැත. කෙසේ වෙතත් ඇය පුත්තලම එළුවන්කුලම ප්රදේශයේ පිහිටි සිය නිවස වෙත රැගෙන යාමට දරුවන් කටයුතු කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval