When-the-new-President-of-Singapore-said-that-he-was-related-to-Sri-Lanka,-India-was-shocked

මෑතකදී බලයට පත්වූ සිංගප්පූරුවේ නව ජනපතිවරයා ශ්‍රී ලාංකික දෙමළ පවුලකින් පැවත එන තර්මන් ෂංමුගරත්නම් බවට පසුගිය දිනවල වාර්තා පළ විය. තර්මන්ගේ පියා එරට අග්‍රගණ්‍ය වෛද්‍යවරයෙකුවූ මහාචාර්ය කනගරත්නම් ෂංමුගරත්නම් වූ අතර වෘත්තියෙන් ගුරුවරයෙකුවූ කතගරත්නම්ගේ පියා
ශ්‍රී ලංකාවේ සිට 19 වන සියවස මුල්භාගයේ සිංගප්පූරුවට සංක්‍රමණයවූ අයෙකු ලෙස හැඳින්විණි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය දමිළ පවුලකින් පැවත තර්මන් ෂංමුගරත්නම් මෙන්ම ඔහුගේ පියා කනගරත්නම්ද උපත ලබන්නේ සිංගප්පූරුවෙහිය.
සිංගප්පූරුවේ නව ජනපතිවරයා ලෙස පසුගිය සිකුරාදා තර්මන් ෂංමුගරත්නම් පත්වන්නේ විහාල වැඩි ඡන්ද ගණනක් ලබාගනිමිනි. ඔහුගේ ජයග්‍රහණය සමග එන විස්තර ඉන්දියාවේ මාධ්‍ය තුළද පළව ඇති නමුත් ඉන්දියාවේ මාධ්‍ය ඔහු ‘ශ්‍රී ලාංකික දමිළ‘ ප්‍රජාවට නෑකම් කියන බව සඟවා ඇත. එන්ඩීටීවී, ඉන්දියා ටයිම්ස්, ද හින්දු ඇතුළු ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තර්මන් ෂංමුගරත්නම් හඳුන්වන්නේ ඉන්දියානු සම්භවයකින් පැවතෙන්නෙකු ලෙසිනි. ඇතැම් වාර්තාවක ඔහු තමිල්නාඩුවෙන් බිහිවූ අයෙකු ලෙසත් වාර්තා කර ඇත.
ඔහු දමිළ ජාතිකයෙකු ලෙස පමණක් පළවන වාර්තා ඇතත් ශ්‍රී ලංකාව ගැන සඳහනක් කර නැත.
කෙසේ වෙතත් තර්මන් ෂංමුගරත්නම්ගේ නිල විස්තර පළකර තිබෙන විකිපීඩියා පිටුවේ ඔහු  Ceylonese Tamil අයෙකු ලෙස විස්තර කර තිබේ.