air-canada-apologizes-for-booting-passengers-who-complained-about-vomit-smeared-seats

අගෝස්තු 26 වනදා ලාස් වේගාස් සිට මොන්ට්‍රියෙල් දක්වා ගමන් කරන කැනඩා එයාර් ගුවන් යානයකට ගොඩවන අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධව එහි ගමන් ගත් මගියෙක් වන සුසන් බෙන්සන් විසින් තොරතුරු සපයා ඇත.
 ඇයට පිටුපස පේළියෙහි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිටි බව පැවසූ ඇය කියා සිටියේ :

"ටිකක් දුර්ගන්ධයක් තිබුනත් ගැටලුව මොකක්ද කියලා අපි මුලින් දැනගෙන හිටියේ නෑ. එයාර් කැනඩාව මගීන් ගොඩවීමට පෙර ඉක්මනින් පිරිසිදු කිරීමට උත්සාහ කළත් ඔවුන්ට එය සම්පූර්ණව පිරිසිදු කිරීමකට නොහැකි වුණා." යනුවෙනි.



බෙන්සන් පැවසුවේ එහි සේවකයන් දුගද සැඟවීම සදහා යානයට සුවඳ විලවුන් ඉසිනු දුටු බවයි. එම ආසනවල මගීන් ගුවන් සේවිකාවකට පැවසුවේ ආසනය සහ ආසන පටි තෙත් වී ඇති බවත් ඔවුන්ට වමනය තිබෙනු පෙනෙන බවත්ය. එවිට සේවකයා සහ අධීක්ෂකවරයා ඔවුන්ට පැවසුවේ ගුවන් යානය පිරී ඇති බවත් එම නිසා එහි වාඩි වී සිටිය යුතු බවත්ය.

එක් කාන්තාවන් බ්ලැන්කට්ටුවක් මගින් ආසනය පිසදමනු දුටු ගුවන් නියමුවෙක් පවසා ඇත්තේ , එම ආසනයේ යෑමට නොහැකි නම් ඇයගේම  වියදමින් නැවතත් නව ගුවන් ගමන් වාරයක් වෙන්කරවා ගත හැකි බවත්, නැතහොත් ආරක්‍ෂක නිලධාරීන්ට පවසා ගුවන් යානයෙන් පිටකර පියාසර තහනම් ලැයිස්තුවට ඇතුළත් කරන බවත්ය.

බෙන්සන් පැවසුවේ, එවිට එම කාන්තාව නියමුවා අකාරුණික ලෙස හැසිරුණු බවට චෝදනා කළ බවත්, ඇය එය විවාද කළ බවත්ය.



පසුව ආරක්ෂකයින් විසින් එම ආසනයේ සිටි කාන්තාවන් ගුවන් යානයෙන් පිටතට ගෙන ගොස් තිබේ.

මේ පිළිබදව එයාර් කැනඩාව කියා සිටියේ තමන් මෙම සිදුවීම සම්බන්දව සමාලෝචනය කරමින් සිටින බවයි.
 “එම අවස්ථාවෙහි අපගේ මෙහෙයුම් ක්‍රියා පටිපාටි නිවැරදිව අනුගමනය නොකළ බැවින්,  මගීන්ට ඔවුන්ට හිමි ප්‍රමිතිය පැහැදිලිවම නොලැබුණු බැවින්, ඔවුන්ගෙන් සමාව අයදින බවත් ප්‍රකාශ කර සිටියහ."