angelina-jolie-single-mum

ප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලි ‘වෝග්‘ නමැති විදෙස් සඟරාවට අදහස් දක්වමින් පවසන්නේ තමා
දරුවන් හය දෙනෙකුගේ 'තනිකඩ අම්මා'  වීම අභියෝගයක් වුවත් ජීවිතය ඉදිරියට ගෙන ගිය බවයි.
අවසන් ස්වාමි පුරුෂයා වූ බ්‍රැඩ් පිට්ගෙන් වෙන්වීමෙන් පසු "බොහෝ අමාරු" තැන්වලදී තමා තනිව අභියෝග වලට මුහුණදුන් බවත් තමා තනිකඩ වීම නිසාම එම ගැටලු  "නිරාකරණය කරගත්" බවයි.

“මම මවක් වන විට මට වයස අවුරුදු 26 යි. මගේ මුළු ජීවිතයම වෙනස් වුණා” ඇය වෝග් වෙත පවසා ඇත.
"දරුවන් සිටීම නිසා ඇතැම් ප්‍රහ්න වලින් මාව බේරාගත් අතර මේ ලෝකයේ වෙනස් ආකාරයකින් සිටීමට මට ඒ ජීවිතය ඉගැන්නුවා."

ජොලී පැවසුවේ හිටපු සැමියා වෙන්වීමෙන් පසු තමාට තනිව කරන වැඩ වැඩිවූ නමුත් මාපිය දෙන්නෙකුගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම ඇයව ඉදිරියට ගෙන ගොස් ඇති බවයි.

 2016 දී සැමියාගෙන් වෙන් වූ ජොලී වසර 7 කට පසු මේ කතාව කියන්නීය.
 මැඩොක්ස්, 22, පැක්ස්, 19, සහරා, 18, ෂිලෝ, 17, සහ නිවුන් දරුවන් වන 15 හැවිරිදි විවියන් සහ නොක්ස්ගේ මව ලෙස ඇන්ජලීනා කටයුතු කරයි.
48 හැවිරිදි ජොලී පැවසුවේ තමා දරුවන්ට "ආරක්ෂිත තැනැත්තිය" වීම මනසට ප්‍රබෝධයක් බවයි.



"නමුත් ඔවුන් සිනාසෙන්නේ මටයි - ඔවුන් අපේ පවුලේ විවිධ අංශ භාර ගන්නා බව මම දකිමි," ඇය පැවසුවාය.
මෙම තනිකම නිසා ඇතිවූ පන්නරය තමාට ව්‍යාපාරික ජීවිතය දෙසට තල්ලු කළ බව පවසන ඇන්ජලීනා ජොලී
ඇයගේ නව විලාසිතා සමාගමක් වන Atelier Jolie සම්බන්ධයෙන් සඟරාව සමග අදහස් බෙදාගත්තාය.
එළඹෙන US Vogue සඟරා කවරයේ ඇන්ජලීනා ජොලී ඇතුළත් වන්නේද මෙම ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙනි.
"මගේ ජීවිතයේ බොහෝ පැති වෙනස් කිරීමට මම බලාපොරොත්තු වෙමි, මෙය මගේ ඉදිරි ගමනයි."
“මට ලොකු මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වෙන්න අවශ්‍ය නැහැ, අනිත් අයටත් වැඩ කරන්න මූලික තැනක් හදන්න මට අවශ්‍යයි” ජොලී පැවසුවාය.