anura-kumara-speaks

දකුණේ සිංහල ජාතිවාදයත්, නැගෙනහිර මුස්ලිම් ජාතිවාදයත්, උතුරේ උතුරේ දෙමළ ජාතිවාදයත් අවුස්සා අප බෙදා බලය අරන් ඒගොල්ලන් එකතු වෙලා කට්ටියම එකට හොරකමේ යනවා යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 16 වැනිදා මුතූර්හිදී පැවැසීය.අපි බෙදිලා ඵලක් නැහැ. රනිල්ගේ, මහින්දගේ, සජිත්ගේ ව්‍යාපාරය අප බෙදීම වුණත් ජාතික ජන බලවේගය ජනතාව එකතු කරන ව්‍යාපාරයක් යැයිද ඔහු පැවැසීය.ඔහු මේ බව පැවැසුවේ ජාතික ජනබලවේගයේ මුතූර්හි ආසන සමුළුවට සහභාගී වෙමිනි.

සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර වෙනස්කම් පවතින නමුත් ඒවා දේශපාලන වෙනස්කම් නොව සංස්කෘතික වෙනස්කම් බවද ඒවා එකිනෙකාට බෙදී වෙන්ව සිටීමට හේතුවක් නොවන බවද ඔහු පැවැසීය.

මේ වන විට ව්‍යාපාර, කර්මාන්ත කඩා වැටී ඇති බවද ඔහු පැවසීය.මේ වන විට ව්‍යාපාර, කර්මාන්ත කඩා වැටී ඇති බවද ඔහු පැවසීය.ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය විශාල සම්පතක් වුවද නිසි සැලැස්මක් නොමැතිකම නිසා වසර පනහකට වැඩි කාලයක් තිස්සේ ඒවා අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන බවද ලෝකයේ වෙනත් රටවල් ඒ අමු වැලිවලින් අලුත් මූල ද්‍රව්‍ය සොයාගෙන නව නිෂ්පාදන කරන බවද ඔහු සඳහන් කළේය. ත්‍රිකුණාමල වරාය ආසියාවේ තිබෙන විශාලතම ස්වභාවික වරාය වුවද ඒක මෙරට පාලකයෝ දියුණු නොකරන බවද ඔහු කීය.

චයිනාබේ වරාය  ආසන්නයේ තෙල් ටැංකි 99ක් තිබෙන බවද එහි ඉන්ධන මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ගබඩා කළ හැකි වුවත් එය සංවර්ධනය කර මෙරට ප්‍රයෝජනයට ගන්නවා වෙනුවට මෙරට පාලකයන් ඒ තෙල් ටැංකිත්, වරායත්, ත්‍රිකුණාමලයේ විශාල ඉඩම් ප්‍රමාණයකුත්, ඉන්දියාවට දෙන්න සැලසුම් සකස් කර තිබෙන බවද ඔහු පැවසීය. සෙන්දිල් තොණ්ඩමාන් නැගෙනහිර ආණ්ඩුකාරයා වූයේ එහි මූලික අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් බවද

මේ පාලකයන් යටතේමෙරට සම්පත් මෙරට ජනතාවට අහිමි වන බවද දිසානායක මහතා පැවැසීය. එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ද මෙරට ජනතාව බෙදා වෙන්කර පාලනය කළ අයුරින්ම මෙරට පාලකයන් අවුරුදු හැත්තෑපහක් තිස්සේ ජනතාව බෙදා පාලනය කරන බවද ඔය ඔවුන්ගේ පහසුවට සකස් කර ගත් ක්‍රමයක් බවද ඔහු පැවැසීය.ඒ ක්‍රමයට එරෙහිව යාමට නම් මෙරට සියලු ජනකොටස් එකට එකතු විය යුතු බවද ඔහු පැවසීය. මේ අවස්ථාව අත්නොහැරිය යුතු බවද ජයග්‍රහණයෙන් තොරව මේ ගමන නතර නොකළ යුතු බවද ඒ සඳහා එකතු වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා පැවැසීය.
මුදිතා දයානන්ද