asanka-nawarathne-sajith

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වා තිබූ මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා අද (4) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගත් බව පවසා තිබේ.
කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා පසුගිය මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට පිවිසි අයෙකි.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා වූ ඔහු හිටපු අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර සන්ධානය නියෝජනය කළ අතර පසුව මෑත කාලීනව ඩලස් පිල නියෝජනය කළේය.