asia-cup-super-four

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටය ඊයේ (06) ආරම්භ විය. මෙම වටය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව පකිස්තානය හා බංග්ලාදේශය සුදුසුකම් ලද අතර නේපාලය හා ඇෆ්ගනිස්ථානය තරගාවලියෙන් ඉවත්වී ඇත.
සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී තරග වැදුණ අතර එහිදී පකිස්තානය ජයගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 38 යි පන්දු 4 සියළු දෙනාම දැවී ලකුණු 193 ක්
 ලබාගත් පසු පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 39 යි පන්දු 3 දී කඩුලු 03 දැවී ලකුණු 194 ක් ලබාගෙන ජයග්‍රහණය අත්කරගන්නා ලදි.
 2023 ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ තරග වටයේ ඊළඟ තරග සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන අතර ඊළග තරගය බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර 9 වනදා පැවැත්වීමට නියමිතය.
තරග පිලිවෙල හා දැනට ලැබී ඇති පොයින්ට්ස් පහතින්