මෙරට ප්‍රමුඛතම රෝහල් ජාලයක් වන ආසිරි හොස්පිටල් සමාගම කොළඹ වරාය නගරය තුළ පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති ආසිරි රෝහල වෛද්‍ය සිසුන් සඳහා ඒකාබද්ධ සායනික පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ සිදු කරන ආයතනයක් බවට පත්වනු ඇති අතර ලොව ප්‍රමුඛතම සමාගමක් වන Mayo Clinic සමග හවුල් කාරීත්වයෙන් අරඹන්නට අපේක්ෂිතය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති දිනේෂ් වීරක්කොඩි මහතාගේ ආරාධනාවකට අනුව Mayo Clinic සමාගමේ කණ්ඩායමක් පසුගියදා කොළඹ වරාය නගරය නිරීක්ෂණයකට පැමිණ ව්‍යාපාරික හවුල්කාරීත්වයට ආසිරි හොස්පිටල්ස් සමූහය අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සභාපති අශෝක් පතිරගේ මහතාද සම්බන්ධ කරගෙන තිබුණි.
කොළඹ වරාය නගරය තුළ රොහල් සේවාවන් සඳහා වෙන්කර ඇති භූමියෙහි මෙම රෝහල ඉදිකිරීම සැලසුම වී තිබේ. දැනටමත් ඒ සඳහා වන සමාගම Asiri Port City Hospital (Pvt) Ltd ලෙස පිහිටුවාගෙන තිබේ.
ඒ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ආසිරි පෝට් සිටි හොස්පිට්ල් (පුද්ගලික) සමාගම අතර අත්සන් තබා තිබේ.
මෙම රෝහල හරහා කොළඹ වරාය නගරය පදනම් කරගත්, ඒකාබද්ධ සායනික පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ තුළින් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සැලසුම් කර ඇත. එසේම නවීන සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සහ අද්විතීය රෝගී සත්කාර සේවා සැපයීම සඳහාද එම සමාගම සූදානමින් සිටින බව විස්තර කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ වාර්තාවූයේ බ්‍රිතාන්‍ය ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය ආසිරි හෙල්ත් සමඟ හවුල් වී වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන්නට පවතින සූදානම ගැනයි.
ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය විසින් ඔවුන්ගේ උපාධියේ අවසාන වසර 2 සඳහා ඔවුන්ගේ වෛද්‍ය සිසුන් ස්ථානගත කිරීම සඳහා ජාත්‍යන්තර රෝහලක් ලෙස ආසිරි තෝරා ගෙන ඇති බව එම වාර්තා මගින් කරුණු එළිදරව් කර තිබුණි.
කලාපය තුළ ඔවුන්ගේ ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම ඉහළ නැංවීම මෙන්ම දේශීය සිසුන්ට ජාත්‍යන්තර නිරාවරණයක් ලබා දීමේ අරමුණින් මෙය සිදු කර ඇතැයිද දැක්විණි.
මෙම වැඩසටහන සඳහා ලැයිස්තුගත කර ඇති ප්‍රවේශ නිර්ණායක සමඟින් එය ලබා ගත හැක්කේ සීමිත සිසුන් සංඛ්‍යාවකට පමණක් බවත් දැනට අනාගත සිසුන් සඳහා විමසිල්ලෙන් සිටින බවත් ශ්‍රී ලංකාවෙන් පළමු කණ්ඩායම සඳහා සිසුන් 30 ක් පමණ අපේක්ෂා කරන බවත් IIHS වාර්තා කර තිබුණි.
0 Comments