'අස්වැසුම් නිසා ආබාධිත 7,000කගේ සමෘද්ධිය අහිමි කරලා’ යන මැයෙන් පසුගිය මස 17වැනිදා පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
අස්වැසුම් වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තේරීම පාර්ලිමේන්තුව අනුමත රේගුලාසි අනුව අලුතින් අයදුම්පත් කැඳවා නියමිත ක්‍රියාපටිපාටියක් යටතේ නියමිත නිර්ණායක අනුව සිදුකර තිබෙන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහත් කර ඇත.
අස්වැසුම් වැඩටහන නිර්ණායක 22ක් අනුව ගණනය කිරීමක් සිදුකර තිබෙන බවත්, මේ නිසා මෙය වැඩසටහන් දෙකක් බැවින් සමෘද්ධි ප්‍රතිලාභීන් සියලුම දෙනාට අස්වැසුම් යටතේ සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් අදාළ නිවේදනය මගින් පෙන්වාදී තිබේ.
අස්වැසුම් හෝ සමෘද්ධි වැඩසටහන යටතේ දීමනා ලබාදීම පවුලේ දුප්පත්කම පදනම් කරගෙන ලබාදෙන අතර, එය ආබාධිත බව පදනම් කරගෙන පුද්ගලයන්ට ලබාදෙන දීමනාවක් නොවෙන බවත්, එහෙත් එම දීමනාව ලැබුණත් නැතත් මෙම දීමනාවට අමතරව ආබාධිත පුද්ගලයන්ට දීමනාව හිමිවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ආබාධිත පුද්ගලයන්ට හිමි දීමනාව ප්‍රමාණවත් නොවන නිසා සමෘද්ධි දීමනාව ලබාදුන්නේය යන්න සත්‍යයක් නොවන බවත්,
ආබාධිත පුද්ගලයන්ට අස්වැසුම වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් සඳහා ආබාධිත දීමනාව ගෙවීමට මුලින් සැලසුම් කර තිබුණද, ආබාධිත පුද්ගලයන් සියලුම දෙනාටම අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවට ඉදිරිපත් වූ කරුණු සහ අස්වැසුම් සඳහා සුදුකම් නොලැබූ පවුල්වල ආබාධිත පුද්ගලයන්ට මෙතෙක් ලැබුණු ආබාධිත දීමනාව නොගෙවීමෙන් අසාධාරණයක් වෙයි යන කරුණු සලකා බලා මෙතෙක් ආබාධිත දීමනාව හිමි වූ සියලුම දෙනාට අස්වැසුම් වැඩටහනින් පරිබාහිරව පෙර පරිදි එම දීමනාව ගෙවීමට තීරණය කරන ලද බවද එහි සඳහන් කර තිබේ.
මේ අනුව ආබාධිත දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනට ගෙවන බවත්, අස්වැසුම් සදහා තේරීපත් වී ඇති පවුල්වලට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් අතර, එසේ ඉදිරිපත් වූ අභියාචනා දැනට අභියාචනා කමිටු මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්මමින් විභාග වෙමින් තිබෙන බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
දෙවැනි පියවරේ අස්වැසුම් වැඩසටහන සඳහා අයදුම්පත් කැදවීමේදී ආබාධිත වැඩිහිටි හා වකුගඩු රෝගී දීමනාලාභීන් විධිමත් ක්‍රමවේදයක් යටතේ තෝරගැනීම සඳහා සැලසුම් සකස් කිරීමට නියමිත බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදී ඇත.
0 Comments