
අද (21) අලුයම අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.
තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත.
තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, 27 සහ 36 යන වයස්වල පසුවන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ ටී56 වර්ගයේ ගිනි අවියකි.
වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තුවාල ලැබූවන් දැනට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.


Comments
Post a Comment
Your comment will be visible after approval