bad-weather-new-york

සිකුරාදා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට තද වැසි සහිත කුණාටුවක් ඇති විය. මේ හේතුවෙන්  මහාමාර්ග, ජනතාවගේ නිවාස ජලයෙන් යටවිය. සිකුරාදා නිව්යෝර්ක් නගරයට පතිතවූ වැසි අඟල් 3-6 ක් ලෙස සටහන් කර ඇත.  ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළට සිකුරාදා පස්වරුව දක්වා එක් දිනකදී අඟල් 8ක පමණ වර්ෂාපතනයක් ලැබිණි. 1948 වසරෙන් පසු එම ප්‍රදේශයට ලැබුණු වැඩිම වර්ෂාපතනය මෙය බව කියැවේ.

බෘක්ලින් නගරයට දින 3ක් ඇතුළත මාසයක් පුරා වාර්තාවන වැස්ස පතිතවූ බව දක්වා ඇත. මේ නිසා මිනිසුන් වාහන සහ නිවාස තුළ සිරවී සිටි බවද කියැවිණි. ගිනි නිවන හමුදාව සහ අනෙකුත් ආරක්ෂක නිලධාරීන් එක්ව ඔවුන් බේරාගෙන ඇත. LaGuardia ගුවන් තොටුපළේ ගුවන් ගමන් ප්‍රමාද කිරීමට සිදු විය. ඒ සමගම ඇතැම් ප්‍රදේශවල මෙට්‍රෝ සේවාවද නතර විය.



තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිව්යෝර්ක් ආණ්ඩුකාර Kathy Hochul හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළාය. ඇය සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ සමහර ප්‍රදේශවලට එක රැයකින් අඟල් 5 (සෙන්ටිමීටර 13) දක්වා වර්ෂාපතනයක් ලැබුණු බවයි. ඒ සමගම, දවස පුරා අඟල් 7 (සෙන්ටිමීටර් 18) ට වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

නිව්යෝර්ක් ආණ්ඩුකාරවරිය පැවසුවේ මෙය භයානක සහ මාරාන්තික කුණාටුවක් බවයි. ඉදිරි පැය 20 අපි පරිස්සම් වෙන්න ඕන. සෑම කෙනෙකුම නිවසේ සිටිය යුතුය. ඔබට යම් කාර්යයක් සඳහා නිවසින් පිටතට යාමට සිදුවුවහොත්, කාලගුණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් අනිවාර්යයෙන්ම ලබා ගන්න.

බෘක්ලින් නගරයේ උමං මාර්ගය වසා දැමීම හේතුවෙන් විශාල පිරිසක් බස් නැවතුම්පොළේ රැඳී සිටිනු දක්නට ලැබිණි.
ජලය පවතින ප්‍රදේශවල ජනතාවට ඉහළ මාලයේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ. විපතට පත් ප්‍රදේශවල පාසල්වල ළමුන් ඉහළ මහලට ගෙන ගොස් ඇත.