කොළඹ බේරේ වැව පතුල පෙනෙන ලෙස මාස හයක් ඇතුළත නොමිලේ පිරිසුදු කර දෙන්නට ජපානයේ සමාගමක් ඉදිරිපත්ව සිටී.බේරේ වැවේ වෙසෙන බැක්ටීරියා පාවිච්චි කොට මෙම පිරිසුදු කිරීම් කරන බව ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ජපානයේ ග්රොපෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මසසි ඔත්සු මහතා පැවැසීය.බේරේ වැවේ ජලය පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියට මෙම ජපන් සමාගම වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන තුනකි.
'‘බේරේ බේරා ගමු" ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ ගලධාරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජපාන සමාගමේ විධායක නිලධාරි මසසි ඔසු මහතා පැවසුවේ මේ වන විට බේරේ වැව පතුලේ ඔක්සිජන් නොමැති වීම හේතුවෙන් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අක්‍රිය තත්ත්වයකට පත්ව ඇති බවයි.ජපානයෙන් ගෙන්වූ විශේෂිත යන්ත්‍රවල ආධාරයෙන් බේරේ වැව පතුලට ඔක්සිජන් සැපයුම ලබා දී එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කොට එම බැක්ටීරියා ආධාරයෙන් අපජලය පිරිසුදු කිරීම තම ආයතනය අනුගමනය කරන ක්‍රමවේදය බවද මසසි ඔත්සු මහතා කීය.
ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරන ජනාධිපති පාර්මේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසුවේ
ජපන් ආයතනය වසර 12ක් තිස්සේ කළ පරේශ්ෂණ ප්‍රතිඵල ලෙස මෙම ජලය පිරිසුදු කිරීමේ තාක්ෂණය සොයාගෙන ඇති බවයි.පිරිසුදු කිරීමේ කාර්යය සඳහා යන්ත්‍ර 40ක් බේරේ වැවේ ස්ථාපිත කරන බවද ආශු මාරසිංහ මහතා කීය. බේරේ වැව පිරිසුදු කිරීමේ ව්‍යාපෘති අරඹා මාස 4-6 අතර කාලයකදී නීල හරිත ඇල්ගී ඉවත් වී පැහැදිලි ජලයෙන් දැක ගැනීමට හැකි වන බව මෙම ජපාන සමාගම පවසා ඇතැයි ද ආශු මාරසිංහ මහතා පැවසීය.
අංජුල මහික වීරරත්න
0 Comments