bangladesh-loan

බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් ඉක්මනින් ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිව්යෝක් නුවරදී පැවැසුවාය.කෙටි කලනික් එම ණය ගෙවා නිමකිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික ප්‍රගතියක් උදාකරගෙන ඇති බව යැයි කී බංග්ලාදේශ අගමැතිනිය එම තත්ත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවද පෙන්වා දුන්නාය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිවේව්යෝර්ක් නුවරදී පෙරේදා (19) සිදුවිය.



දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියට සහ බංග්ලාදේශ ජනතාවට කෘතඥතාව පළ කළේය.බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතවන ලෙස ආරාධනා ලැබුණද නොවැළැක්විය හැකි හේතු මත ඊට අවස්ථාව අහිමිවූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන්වීමට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
අංජුල මහික වීරරත්න