මොහු ගමේ වඩුබාස් කෙනෙකි. රූපවාහිනියේ බෙහෙතක් ගැන ප්‍රචාරය වන දැන්වීමක් දැක ඔහු එම බෙහෙත ලබා ගැනීම සදහා ඒ ගැන සටහන්ව ඇති අංකය ඔස්සේ විමසීමට දුරකථන ඇමතුමක් දුන්නේය.
අනෙක් පසින් කථාකළ තැනැත්තා විස්තර කියූ අතර එහි නිමක් දක්නට නොලැබුණි.
 එදා සිට මොහුට නිවනක් නැත. දිනකට හත් අට වතාවක් ඔහුට එම ආයතනයේ ඇතුම් ලැබෙන්නට විය.



'' ගෙදර ඉන්න වෙලාවක් කියන්න. ගෙදර අය දැනුම්වත් කර තියන්න. අපි ඖෂධ ගෙදරටම ගෙනැත් දෙනවා. මුදල් ලෑස්ති කර තියන්න". ඒ ආකාරයට ඇමතුම ලැබෙද්දී ඔහු මිලට ගැනීම කල් දමමින් විවිධ පිළිතුරු දුන්නේය.
 රුපියල් දහස් ගණනක් ගෙවා ලබාගෙන එය වරදුනොත් කාට කියන්න දැයි වඩුබාස්ට සිතුණු අවස්ථාද විය. දිනක් මොහු නිවෙසක වහළයක් සැකසීම් සඳහා වහළය මත සිටියදී ජංගම දුරකතනය හඬ දුන්නේය.


බිම සිටි ගෝලයා ''බාස් උන්නැහැ පෝන් එක වදිනවා " යැයි  කෑ ගැසීය.
වහලයෙන් බැස්ස වඩු බාස් දුරකථන ඇමතුම හා සම්බන්ධ විය. ඔහු සිතුවේ තවත් රස්සාවක් සඳහා එන ඇමතුමක්කියාය. නමුත් ඒ ඇමතුමක් බෙහෙත් ආයතනයෙනි.
 යකා නැග්ග වඩු බාස් ඒ ලෙඩා ඊයේ මළා. දැව් ඔය බෙහෙත උවමනා නැතැයි මොර දුන්නේය. ඊට පසු යළි කිසිදා ඔහුට එම ආයතනයෙන් දුරකථන ඇමතුම් ලැබුණු නැතිලු.