bear-shot-dead-in-italy

ඉතාලියේ සැන් බෙනෙඩෙටෝ ජාතික වනෝද්‍යානය අසලදී වඳ වී යන මාර්සිකන් වලස් විශේෂයකට අයත් වළසෙකු පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. වලසුන් දඩයම් කිරීම ඉතාලියේ නීතිමය වරදකි. සිද්ධිය සම්බන්ධයෙන් ඉතාලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි වලසාට වෙඩි තැබූ පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ වලසා තමාගේ පෞද්ගලික දේපළට ඇතුළු වූ බවයි. මෙය දුටු ඔහු බියට පත් වී වෙඩි තැබුවේය. ඔහු කියා සිටියේ ඔහුව මරා දමන්නට අදහස් නොකළ බවයි.

වෙඩි වැදුණු වලසාගේ ගැහැණු සතෙකි ඇයගේ නම අමරේනාය. මෙම වලසුන් විශේෂය වඳවී යාමේ අද්දර පවතී. කළු චෙරි අමරේනා ලෙසද හැඳින්වේ.

මේ ආකාර වලසුන්ගේ ප්‍රියතම ආහාර වලින් එකක් කළු පැහැති චෙරි වීම නිසා එලෙස හඳුන්වයි.

මෙම සතිය මුලදී, අමරීනා සිය පැටවුන් දෙදෙනා සමඟ සැන් සෙබස්තියානෝ ඩී මාර්සි හි ඇවිදිමින් සිටිනු දක්නට ලැබුණි. වෙඩි තබන විට ඇය සිටියේ ඇගේ පැටවුන් දෙදෙනා සමඟය.ෙ

මෙම වලසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉතාලියේ පරිසර අමාත්‍යවරයා සහ සත්ව ක්‍රියාකාරිකයෙකු සමග ප්‍රදේශවාසීන් කනස්සල්ල පළ කර තිබේ. ඉතාලියේ ජාතික වනෝද්‍යාන මෙම ඝාතනය හෙළාදැක ඇත.