bindunu-manpeth-rohana-weththasinghe

රෝහණ වෙත්තසිංහ ගේ අලුත්ම පරිවර්තිත නවකතාව 'බිඳුණු මං පෙත්' මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එළි දැක්වේ.

The Boy In The Striped Pyjamas ලියා ජගත් කීර්තියට පත් ජෝන් බොයින් එම නවකතාවේ දිගුවක් ලෙසින් පළකරන ලද All The Broken Places පාදක කරගෙන බිඳුණු මං පෙත් ලියැවී ඇත.

යුදෙව් කොලු ගැටයකු සමග පැවති මිතුදමක් නිසා නිරපරාදේ ගෑස් කුටියකට බිලි වූ නව හැවිරිදි බෲනෝගේ එකම සොයුරියගේ ජීවිතය එතැන් සිට ගලායන අයුරු මින් දැක්වේ. අතීතය හා වර්තමානය අතර දෝලනය වෙමින් දිගහැරෙන මේ වෘත්තාන්තය සිත් සසල කරවනසුලුය.

රෝහණගේ හත්වැනි පරිවර්තන කෘතිය වන ´බිඳුණු මං පෙත්' සරසවි ප්‍රකාශනයකි.