A-mission-to-rescue-an-Australian-researcher-stuck-in-Antarctica

ඇන්ටාක්ටිකාවේ Casey outpost හි සිරවූ පර්යේෂකයෙකු බේරා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව හදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
ඕස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාව වෙත යවන ලද සියලුම පර්යේෂකයන්  දීර්ඝ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය විය යුතු ය. ඇන්ටාර්ටික් ගවේෂණය බොහෝ විට සංකීර්ණ, මිල අධික, අන්තරායෙන් පිරී ඇති කාර්යයක් වන අතර එහි සිරවී සිටිනඅයෙකු ඉවත් කිරීමද සංකීර්ණය. ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහායද  අවශ්‍ය විය හැකිය.
2020 දෙසැම්බරයේදී, ගවේෂකයෙකු ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාවට එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් උදව් අවශ්‍ය විය.
එම වසරේම මුලදී, අසනීප වූ ඇමරිකානුවෙකු ඉවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු එයාර්බස් A319 යානයක් මැක්මර්ඩෝ වෙත යවන ලදී.


මෙහෙයුම සඳහා RSV Nuyina නම් අයිස් කඩන නෞකාව පසුගිය සතියේ Tasmania සිට පිටත්ව ගිය බව Australian Antarctic Program (AAP) පවසයි.
සිරවී සිටින ඕස්ට්‍රේලියානු ජාතික පර්යේෂකයාට විශේෂඥ ප්‍රතිකාර අවශ්‍ය බව AAP ප්‍රකාශ කර ඇත .
මධ්‍යස්ථානයේ වෛද්‍ය පහසුකම් සීමා වී ඇති අතර, ශීත ඍතුවේ දී තත්වයන් වඩාත් නරක අතට හැරී ඇත. දැනට එහි ජීවත් වන්නේ පුද්ගලයින් 20 ක් පමණක් බවද වාර්තා විය.