43 හැවිරිදි එක්දරු මවක හා පෙමින් වෙලී ඇති 28 හැවිරිදි තරුණ විවාහකයකු රාත්රී කාලයේ තම පෙම්වතිය හමුවීමට සිය යතුරු පැදියෙන් ඇයගේ නිවසට ගොස් සිටිය දී බලාපොරොත්තු නොවූ සිද්ධියක් නිසා යතුරු පැදිය ද පෙම්වතියගේ ගෙමිදුලේ දමා පණ බේරාගෙන පළායන්නට සිදුවූ පුවතක් අත්තනගල්ල ප්රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මැදිවියේ පසුවන රූමත් කාන්තාවක් වන එක්දරු මව තම ප්රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවිකාවකි. 28 හැවිරිදි තරුණ විවාහකයා ද එම ඇගලුම් ආයතනයේම සේවකයකු ලෙස කටයුතු කරන්නෙකි. ඇඟලුම් සේවකයා දුර බැහැර ප්රදේශයකින් පැමිණ ඇඟලුම් ආයතනය ආසන්නයේ නේවාසිකව සිටිමින් රැකියාවට යන එන අයකු බව ද පොලිසිය කියයි. මෙම 28 හැවිරිදි ඇගලුම් සේවකයා හා හතළිස් තුන් හැවිරිදි ඇඟලුම් සේවිකාව අතර පෙම් සබැඳියාවක් ඇඟලුම් ආයතනයේදී ඇතිවී තිබේ.
කාන්තාවගේ සැමියා රාත්රී කාලයේ නිවෙසට නොඑන බව පවසා දුර බැහැර ගමනක් ගොස් සිටිය දී ඇගේ ඇරයුම මත පෙර කී තරුණයා සිය යතුරු පැදියෙන් රාත්රී කාලයේ තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇත. තම පෙම්වතා නිවෙසට පැමිණි පසු ඇය වැඩි ආරක්ෂාව සඳහා නිවෙසේ ඉදිරිපස දොර අගුල දමා වසා දමා ඇති අතර රාත්රී කාලයේ ආපසු නිවෙසට නොඑන බව පවසා නිවෙසින් බැහැරට ගොස් තිබූ නමුත් ඇගේ සැමියා ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පරිදි රාත්රී කාලයේ නිවෙසට පැමිණ තිබේ.
තම ගෙමිදුලේ යතුරු පැදියක් නවතා තිබෙනු දැක ඇති ගෙහිමියා වහා නිවෙසේ ඉදිරිපස දොර අසලට ගොස් දොරට කිහිප වරක් තට්ටු කර තම බිරියට කථා කිරීමේ දී නිවෙස තුළ සිටි අනියම් ඇසුරේ තරුණයා පෑල දොරින් කලුවරේම පණ බේරාගෙන පලාගොස් ඇති නමුත් ඔහුගේ යතුරු පැදිය මිදුලේ නවතා තිබීම ගැටලුකාරී විය.
සැමියාගේ තට්ටු කිරීමෙන් විනාඩි දෙක තුනකට පසුව කාන්තාව දොර විවෘත කර ඇත්තේ නිවසට කිසිවෙකු ආ බවක් සඟවමිනි.
ගෙමිදුලේ නවතා ඇති යතුරු පැදිය පිළිබඳව සැමියා තම බිරියගෙන් විමසීමේ දී එය ආපදාවකට ලක්ව දන්නා හඳුනත අයකු ගෙමිදුලේ නවතා ගිය බව ඇය ස්ථානොචිතව පිළිතුරු දී ඇත. සිදු වී ඇත්තේ කුමක්ද යන්න සැකයක් මතුකරගෙන ඇති සැමියා අංක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකතනයෙන් වහා කථාකර අයිතිකරුවකු නොමැති යතුරු පැදියක් තම ගෙමිදුලේ ඇතැයි දන්වා ඇති අතර එදින රාත්රියේම පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කර ඇත.
දැනුම් දීමට අනුව පොලිස් ජංගම රථයක් රාත්රී කාලයේම එම නිවෙසට ගොස් යතුරු පැදිය එම රථයේ පටවාගෙන පොලිසියට රැගෙන ගොස් ඇති අතර, යතුරු පැදියේ හිමිකරු කවුද යන්න පසුව හෙලි විය.
මේ අනුව සැමියාගේ සැකය අනුව අනියම් ඇසුර අතටම හසුවිය.
සිද්ධිය විභාග කිරීමේ දී හෙළි වූ කරුනු වලින් කාන්තාව අතිශය ලජ්ජාවට පත්වූ අතර ගෙහිමියා දැන් තම බිරිය අතහැර වෙනත් නිවසක පදිංචිව සිටින බව ද පැවසෙයි.
0 Comments