Sallay-complains-to-Britains-Electronic-Media-Regulatory-Authority-against-Channel-4-video

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන්  බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව පසුගිය දා වීඩියෝ පටයක් නිකුත් කළ අතර එයින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට ද චෝදනාවක් එල්ල කර තිබුණි.



තමන් විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව නිසි පිළිතුරු ලබාදී තිබියදීත් චැනල් 04 නාළිකාව විසින් සිතාමතා තමාව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවට සුරේෂ් සලෙයි මහතා විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දී ඇත.

ඒ අනුව  අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් දැනුම්දුන් බව රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාගේ නීතීඥ පසන් වීරසිංහ මහතා  සඳහන් කරයි.