train-person-who-went-on-the-roof-died-due-to-the-passenger-traffic

අද පැවැත්වෙන දුම්රිය වර්ජනය අතර අධික තදබදයකින් දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වන අතර මේ හේතුවෙන් දුම්රියේ වහලය මතගමන් කරන්නට ගිය අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් වාර්තාවේ.
දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මිය ගොස් ඇති බව දුම්රිය
දෙපාර්තමේන්තුව පවසයි.
එම අනතුර සිදු වී ඇත්තේ අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකය.


වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය
මතට ගොඩවී සමබරතාව අහිමිව යාමෙන් වැටී මරුමුවට පත්ව ඇත.
දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 36 ක් අද
අවලංගු කර තිබුණි.
කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 18ක්
සහ පිට පළාත් වලින් කොළඹට පැමිණීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 18ක් මෙලෙස අවලංගු කර ඇති
බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
වසර 05 කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක්
මුල් කරගනිමින් දුම්රිය රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.