Husband-Eshan-arrested-for-stabbing-wife-Sevwandi-to-death-in-hotel-while-visiting-Singapore

සිංගප්පූරුවේ කැටොන්ග් චත්‍රරශ්‍රයේ පිහිටි Holiday Inn Express හෝටල් කාමරයකදී පිහියෙන් ඇන
තම බිරිඳ ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු, පසුව ඒ අසල පිහිටි පොලිස් මුරපොළකදී තමා සිදු කළ ඝාතනය පාපොච්චාරණය කිරීමෙන් පසු අත්අඩංගුවට පත්ව තිබේ.


30 හැවිරිදි සැමියා ඒෂාන් තාරක කූට්ටගේ බවත් 32 හැවිරිදි බිරිය දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරි බවත් එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබේ.
ඝාතනය සිදුව ඇත්තේ පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී බවට තොරතුරු අනාවරණයවේ.30 හැවිරිදි ඒෂාන් තාරක සවස 5.05 ට පමණ හෝටලයට කිලෝමීටර් 1.5 ක් පමණ දුරින් පිහිටි පොලිස් මධ්‍යස්ථානයට පැමිණ ඝාතනය කළ බවට පාපොච්චාරණය කිරීමත් සමඟ පොලිසිය අපරාධය ගැන දැනගත්තේය.


ඉන් පසුව සෙනසුරාදා පොලිසියේ නිලධාරීන් ඔහු කියූ 9 වන මහලේ පිහිටි හෝටල් කාමරයට යවා තිබූ අතර, මියගිය කාන්තාව කැපුම් තුවාලයක් සහිතව නිශ්චලව වැටී සිටිනු දැක ඇති බවත් පරිපූරක වෛද්‍යවරුන් විසින් ඇය මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.
සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයේ තිබී සොයා ගෙන ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු සඳුදා දින අධිකරණයට පෙනී නොසිටි ඒෂාන් වීඩියෝ ලින්ක් එක හරහා උසාවියට ​​සම්බන්ධවී සිංහල භාෂා පරිවර්තකයෙකු හරහා කතා කළේය.
ඔහු සතියක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අපරාධය සිදු වූ ස්ථානයට ගොස් නඩු භාණ්ඩ නැවත ලබා ගැනීම සඳහා පිටතට ගෙන ඒමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

උසාවියේදී ඒෂාන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට නීතීඥයකු සම්බන්ධ කර ගැනීමට කතා කරන ලෙස ඉල්ලා සිටියේය.


මෙම නඩුව සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇති නමුත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඔහුට කිසිවෙකු සමඟ සන්නිවේදනය කිරීමට දැනට අවසර නොමැති බව පැමිණිල්ල විසින් ප්‍රකාශ කළේය.


මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ සැප්තැම්බර් 8 වැනි දින හෝටලයට පැමිණි අය බවත් ඝාතනය සිදුවන්නේ පැමිණීමෙන් දිනකට පසු 9 වනදා බවත් වාර්තා විය. ඔවුන් සංචාරක වීසා මත නිවාඩුවක් සඳහා එරටට පැමිණි අය බවත් පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් ඔහු මිනීමැරුම සිදු කර ඇත්තේ සිංගප්පූරුවේදී බැවින් ඔහුව එරට ක්‍රියාත්මක දැඩි නීති රාමුව යටතේ වරද සම්බන්ධ උසාවි විනිශ්චයන්ට ලක්වනු ඇත.
මිනීමැරුමකට වරදකරු වුවහොත් ඔහුට මරණීය දණ්ඩනය ලැබෙනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.