India-lost-to-Bangladesh-in-an-Asia-Cup-match

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැනටමත් අවසන් තරගයට සුදුසුකම් ලබාඇති ඉන්දියාව ඊයේ ඔවුනගේ
‘සුපිරි හතර’ වටයේ ඉතිරිව තිබූ තරගය වන බංග්ලාදේශය සමග තරගයට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මුහුණ දුන්නේය.
මෙම තරගයේදී මෙතෙක් අපරාජිතව සිටි ඉන්දියාව පරදවා බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
බංග්ලාදේශ පිලේ ලකුණු 80 ක් ලබාගත් ෂකීබ් හා කඩුළු 3 ක් ලබාගත් තකූර් දස්කම් දැක්වූවන් අතර විය. ඉන්දීය පිලේ ෂුබ්මන් ගිල් ලකුණු 121 ක් ලබාගත් නමුත් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අඩු ලකුනු වලට දවාගන්නට බංගලිදේශ ක්‍රීඩකයින් සමත්වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් සුපිරි 4 වටය අවසානයේ ඉන්දියාව තවදුරටත් පොයින්ට්ස් ටේබල්හි ඉදිරියෙන්ම සිටී. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලාන අවසන් තරගය හෙට (17) ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.