මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිල වශයෙන් මාධ්‍ය හමුවකදී ඊයේ පැවසීය.
දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
‘අපි ඒ අයගේ සිලබස් බැලුවා .එතකොට ඒක අපේ තියෙන වෛද්‍ය විද්‍යාලයට සමාන්තර විය යුතුයි.
එතකොට ඒක එහි ඉන්න මහාචාර්යවරුන් සියලු දෙනාම අපේ ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල උපදේශක ලෙස පත්වූ අය. දැන් කථිකාචාර්යවරුන් හැටියට කටයුතු කරපු අයත් ඒකේ අවම සුදුසුකම් ඒවටත් දාලා තියෙනවා. ඊට අමතරව අනිකුත් අවශ්‍ය කරන ඒ කියන්නේ ලංකාවේ මේ පිළිගත්ත වෛද්‍ය විද්‍යාල විද්‍යා පීඨවල කටයුතු කරන ආකාරය ඒ ආකාරයෙන්ම හෝ ඊට එහා මට්ටමකට තියෙන්නට ඕනේ කියන නීති රීති ටික ගෙනල්ලා.
ඒ අනුව මේ වෙනකොට තුනක් රෙජිස්ටර් වෙලා තියෙනවා. ඉතින් ක්‍රියාත්මක වෙනවා එ්කට ආරෝග්‍යශාලාව තුනකුත් අපි දීලා තියෙනවා.
මං ඉල්ලීමක් කළා දෙන පෞද්ගලිකව කට්ටියගෙන් සියයට 10 ක් ශිෂ්‍යත්ව දෙන්න කියලා. ලංකාවෙ පවතින අඩු ආදායම් අය වෙනුවෙන් සලකන්න කියල මං ඉල්ලුවා.
විවිධ සමාජ සත්කාර වලට සහයෝගය දෙන් ඒ අය කැමතී. ඒ වගේ දරුවෙක් මේ මූලික සුදුසුකම් තියෙනවා නම් සහයෝගය දෙන්න මූලික වශයෙන් එකඟ වෙලා තියෙනවා.
කැම්පස් 3 තමා පල්ලෙකැලේ මේ වෙනකොට කරගෙන යන එකත් එක්ක අනිත් එක ලයිසියම් එකෙන් අනිත් එක අපේ ආචාර්ය හර්ෂ අලස් මැතිතුමා ගේ ගේට්වේ එක ඒක ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාලයක් සමඟ
එකතුවෙලා පවත්වන්න සැලසුම් කර තියෙනවා.
වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළුව සමස්ත බුද්ධි ගලනය සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අඩුපාඩුවකින් සිදුවන දෙයක් නොවන බව කිවයුතුයි. ඊට ප්‍රධානතම හේතුව ලෙස 2019 රටේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ආදායම් ප්‍රමාණවත් නොවීම සහ වියදම් අධික වීම වැනි කාරණා.‘
0 Comments