වියට්නාමයේ හැනොයි අගනුවර මහල් නිවාසයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 56 දෙනෙකු මිය ගොස් සියගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්නෙන් පුද්ගලයින් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
රාත්‍රියේ හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබේ.
හැනෝයි හි බලධාරීන් පවසන්නේ අලුතින් ඉදිකරන ලද බොහෝ මහල් නිවාස ගිනි ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූල නොවන බවයි.ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසර 20 තුළ නගරයේ ජනගහනය මිලියන 5.25 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇත.
ගින්නට හේතුව විමර්ශනය කරමින් පවතින නමුත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ යතුරුපැදිවලින් පිරී තිබූ ගොඩනැගිල්ලේ වාහන නැවැත්වීමේ මහලේ එය ආරම්භ වූ බවයි.යතුරු පැදි පිරී තිබූ වාහන නැවැත්වීමේ මහලේ සිට ගින්න ආරම්භ වන්නට ඇතැයි සැකකරයි.
නිවැසියන් විස්තර කළේ අඟහරුවාදා ප්‍රාදේශීය වේලාවෙන් 23:00 ට පමණ විශාල පිපිරුමක් ඇසුණු බවත්, පසුව ගොඩනැගිල්ල හරහා කළු දුමාරයක් නැගී ආ බවත්ය.
ගිනි වැළැක්වීමේ රෙගුලාසි කඩ කළ බවට චෝදනා කරමින් ගොඩනැගිල්ලේ හිමිකරු Nghiem Quang Minh පොලිසිය විසින් රඳවාගෙන ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව දන්වමිනි.
මීට වසරකට පෙර, දකුණු වියට්නාමයේ කැරෝකී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 33 දෙනෙකු මිය ගිය බවද වාර්තාවී තිබුනි.
0 Comments