80-cigars-in-the-stomach-of-an-Agunukola-prison-inmate

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවකුගේ කුස තුළ තිබී දුම්කොළ සුරුට්ටු 80 ක් සොයාගත් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය. මෙම රැඳවියා දුම්කොළ දඬු අඬුවකට දමා තලා කුඩා කොටස් අසූවක් වශයෙන් ගිල දමා තිබූ බව ද අතිරේක කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සාලිය ප්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් අනුව රැඳවියා කිසියම් ස්ථානයකට රැගෙන ගොස් මළපහ කිරීමට සලස්වා මෙම දුම්වැටි 80 එළියට ගෙන තිබිණැයි කියති.

මෙම සැකකරු ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටිය දී පොලීසිය විසින් තිස්සමහාරාමය වීරවිල ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඔහුට ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා බන්ධනාගාර ගත කෙරිණ. ඔහු මෙම ජාවාරම සඳහා බන්ධනාගාර ගතවීමේ අරමුණින් එම වරදෙහි යෙදෙන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීහු විශ්වාස කරති.ම

ෙම පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරි නිමල් ශාන්ත මහතාගේ උපදෙස් මත සැකකරු එහි ප්‍රධාන දොරටුව අසල වෙනම සිර සිරමැදිරියක රඳවා තැබීමට කටයුතු කරනු ලැබීය. බන්ධනාගාරයේ මෙම දුම්කොළ සුරුට්ටුවක් රුපියල් තුන් දහසකට පමණ අලෙවි කෙරෙන බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවැසේ.
නිමන්ති රණසිංහ