The-story-of-Ali-Sabri-going-to-UN-meetings-with-his-son-in-America

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැැත්වෙන රැස්වීම් හා උත්සව වලදී විදේශ ඇමැති අලි සබ්‍රි සිය පුත්‍රයා සමඟ සිටිමින් ගන්නා ලද ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනාත්මකව සංසරණය වෙමින් පවතියි.


මින් ඉහත මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයාද තම පුතු රැගෙන ඇමරිකාවේ රැස්වීම් වලට ගිය අයුරු සිහිපත් කරමින් දේශපාලනඥයන්ගේ ඥාතීන්ට මෙවැනි වරප්‍රසාද ලබාදෙන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කර ඇත.
බොහෝදෙනා ප්‍රශ්න කර ඇත්තේ, ඇමැති පුත්‍රයා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ නිල නියෝජිත කණ්ඩායමේ කොටසක් වන්නේ කෙසේදැයි කියාය.
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති දූත පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු ඇතුළත් කළේ මන්දැයි යන්නද මීට පෙර සමාජ මාධ්‍යය ඔස්සේ සාකච්ඡාවට ලක් කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) රජයේ නියෝජිත කණ්ඩායමට තම පුතා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පළවන විවේචන මධ්‍යයේ, විදේශ අමාත්‍ය අලි සබ්රි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කර ඇති බවද ඊයේ වාර්තා විය.
සිය ප්‍රකාශයේ දී අමාත්‍යවරයා කියන්නේ ද්විපාර්ශ්වික රැස්වීම්වලට තම පුතා පැමිණීම සත්‍යයක් බව පිළිගන්නා අතර
ඔහු පැවසුවේ,

“විදේශ අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ඉහළ මට්ටමේ කටයුතුවලට සහය වීමේ මගේ වගකීමක් එසේම UNGA සහ Washington DC කරන වැඩ කාලසටහනක් අනුව සිදුවෙනවා. පොදු අවස්ථා තුනක්, සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික රැස්වීම් රාශියකට සහභාගී වීමට සිදුව තිබෙනවා.
මට ඇති අමාත්‍ය බලතල අනුව මගේ වැඩ ඉටු කිරීමට සහාය වීම සඳහා, ගෙවන පදනමින් සහ ස්වේච්ඡා දායකයින් යන දෙඅංශයෙන්ම සමන්විත කාර්ය මණ්ඩලයක් පවත්වා ගත හැකියි. මේකින් පාඩුවක් වෙන් නැහැ. අප සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ලැබේ. මගේ පුතු කාලයක් තිස්සේ මගේ ඉල්ලීම පරිදි තාවකාලික, ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාරවරයෙකු  සහ කෙටුම්පත් ලේඛකයෙකු ලෙස මට සහාය වී ඇත. ඔහු දැනට එක්සත් ජනපදයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන කෙනෙක්. එබැවින් UNGA සමයේදී,  දින කිහිපයක් සඳහා ඔහුගේ කාලය සහ විශේෂඥ දැනුම ලබා දීමට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔහුට වැටුපක් වෙන්කර නැහැ.
මෙම තීරණාත්මක කටයුතු සඳහා මා සූදානම් කිරීමට ඔහුගේ දායකත්වය මට උපකාර වූ බව පිළිගැනීමට මම සතුටු වෙමි.
වැදගත්ම දෙය නම්, ඔහු වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක්වත් වියදම් කර නොතිබීමයි."