Young-couple-arrested-for-having-live-showing-them-online-for-money

අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස ලිංගිකව හැසිරී එම ස්ට්‍රීම් වීඩියෝව මුදලට ප්‍රදර්ශනය කරමින් මුදල් උපයමින් සිටි හොරණ ප්‍රදේශයේ යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 16 ත් 22 ත් අතර තරුණ ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් මෙම යුවළ මෙම සජීවී ලිංගික වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදා හැර තිබූ අතර මුදල් ගෙවා ලියාපදිංචි වන නරඹන්නන්ට වේලාවක් දන්වා සජීවී වීඩියෝවට සම්බන්ධ වන ලෙස දන්වා තිබී ඇත.


වයස 23 ක් වන සුරූපී තරුණියක හා ලිංගිකව හැසිරී තිබුනේ  ජාවාරම සිදු කළ 25 හැවිරිදි තරුණයාය.
ඔවුන්ගේ ‘ලයිව් සෙක්ස් ෂෝ‘ අවස්ථා ගණනාවකදී විශාල නරඹන්නන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබී ඇත.
 ලිංගික වීඩියෝ පෙන්වන බව කියන තරුණ යුවල ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ පැමිණිලි අනුව විමර්ශනයක් සිදු කර මොවුන්ගේ ‘සජීවී ලිංගික කාමරය‘ පිහිටි හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පරිගණක අපරාධ විමර්ශන ඒකකය  23 හැවිරිදි සැකකාරිය සහ 25 හැවිරිදි පිරිමි සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට ඇප නියමවී තිබේ.



මින් ඉහත ‘පහන් තුඩාව‘ දිය ඇල්ල ආශ්‍රිතව අසභ්‍ය වීඩියෝ රූගත කරමින් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයූ යුවළක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.