කුකුළු මස් සහ බිත්තර මිල අඩු කිරීමට අදාළ සාකච්ඡාවක් ඊයේ (01) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙරට දැනට කුකුල් මස් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ බිත්තර මිල පාලනය කිරීම සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය අනුමැතිය ලබා දී ඇති බවයි.
කුකුළු මස් මිල අඩු නොකළහොත් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීමට රජයට සිදුවන බවද ඔහු අවධාරණය කළේය.
එම අවස්ථාවේ බිත්තර මිල වෙනසක් නොකළ නමුත්
අද සිට (02) හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබෙයි.
ඒ අනුව අද සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1250 දක්වා අඩු කිරීමට එකඟත්වය පළ කර තිබේ.
කිසියම් සුපීරි වෙළෙඳසැලක් ඊට වැඩි මිලට අලෙවි කරන්නේ නම් 0712732679 දුරකථනය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙස ද එම කර්මාන්තකරුවන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
0 Comments