No-one-to-accept-Sujata's-body-8-days-in-police-mortuary

තලංගම බත්තරමුල්ලේ ලැගුම්හලක දී ගෙල කපා ඝාතනයට ලක් වූ මනෝ උපදේශිකා සුජාතාමුණසිංහ  මානාභරණගේදේහය මේ දක්වා කිසිවෙකු හඳුනාගෙන හෝ බාරගෙන නොතිබීම ගැටලුවක් ඇති කර තිබේ.
මේ නිසා මනෝ උපදේශිකාවගේ මළ සිරුර දින 8ක් තිස්සේ කොළඹ පොලිස් මෝචරියේ තබා ඇතැයිද වාර්තාවේ.


සිමාය යයි හදුන්වා ගත් පුද්ගලයෙකු සමග හෝටලයේ නතරවී සිටියදී ඇය ඝාතනය වීමෙන් පසු එකී පුද්ගලයා පලා ගොස් තිබූ අතර ඝාතකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වැදගත් තොරතුරක් අනාවරණය වී නැතැයි තලංගම පොලිසිය කියයි.
 මනෝ උපදේශකවරිය ඉකුත් මස 26 වැනි දා පිරිමියකු සමඟ ලැගුම් හලට පැමිණ තිබූ අතර
තුන්වැනිදා දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම නොසිටීම හේතුවෙන්  සොයා බැලීමේදී ඇඳ උඩ ලේ විලක් මැද මැරි සිටින අයුරු හඳුනාගන්නට ලැබුනි.

මනෝ උපදේශකවරිය යුද සමයේ දී පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට මනෝ උපදේශන කටයුතුවල නියැළුණු තැනැත්තියක බවට, ඇයගේ ඡායාරූප සමග සමග පළ පළ වූ පුවත්පත් වාර්තා වලින් පමණක් පොලිසිය හඳුනාගත් නමුත් ඇය ගැන වගකීම ගන්නට කිසිවෙකු මෙතෙක් ඉදිරිපත්ව නැත.
කාන්තාව රැඳී සිටි බව කියන වීරකැටිය හපුතලේ හා උණවටුන ආදී ප්‍රදේශවල ඇය පිළිබඳ තොරතුරක් දන්නා පුද්ගලයන් සිටිනවාදැයි සොයා බැලුව ද කිසිදු තොරතුරක් සොයා ගැනීමට මෙතෙක් නොහැකි වූ බවත් ඇය පරිහරණය කළ ජංගම දුරකථනයේ සිම් කාඩ් පත ද ලබා ගෙන ඇත්තේ වෙනත්  පුද්ගලයෙකුගේ හැඳුනුම්පතකට බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබිණි.