tennessee-woman-sets-record-for-worlds-longest-female-mullet

ඇමරිකාවේ ටෙනිසිහි කාන්තාවක් වසර 33 ක් පුරාවට තම හිසෙහි පිටුපස පෙදෙසේ කොණ්ඩය පමණක් වැවීමෙන් ඇයගේ උසට වඩා දිගු කෙස් රොදක් (mullet) වැඩී ඇත. මෙම කොණ්ඩා මෝස්තරය නව ගිනස් ලෝක වාර්තාවක්ද පිහිටුවා ඇත.
Tennessee හි Tami Manis නම් ඇය,  1990 සිට හිසෙහි පිටුපස කොණ්ඩය කපා නැත. එතැන් සිට අද දක්වා වූ වසර 33ක කාළය තුළ, එය සෙන්ටිමීටර 172.72 (අඩි 5 අඟල් 8) දක්වා වර්ධනය වී ඇත.

58 හැවිරිදි ඇය 1980 දශකයේ දී ඇගේ කොණ්ඩය වැවීම ආරම්භ කිරීමට පෙලඹුණේ Til Tuesday ගේ Voices Carry නම් වූ වීඩියෝවක් දැකීමෙන් පසුවය.

නමුත් ඇය විසින් 1989 දී rattail (කෙස්රොද) කපා දැමීමට තීරණය කළ අතර පසුව ඒ ගැන පසුතැවිලි විය. පසුතැවිල්ලේ ප්‍රතිළුලයක් ලෙස ඇය නැවතත් එම කෙස් රොද වැවීමට තීරණය කර තිබේ. ඒ අනුව 1990 පෙබරවාරි 9 යනු ඇගේ කොණ්ඩයේ "නිල" උපන් දිනයයි.

"මගේ හිසකෙස් වර්ධනය ආශීර්වාදයක් විදිහට තමයි මම සැලකුවේ.  දැන් එය ලෝකයේ දිගම mullet එක බවට පත් වෙලා තියෙනවා. ඒක මට ලොකු සතුටක් " යැයි ඇය පැවසුවාය.

ඇය පිටුපසට හැරෙන තුරුම පිටුපස කොණ්ඩය මෙතරම් දිග යැයි බොහෝ දෙනෙකුට නොතේරෙන බවත්, එය ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කිරීම "හරිම පුදුම සහගත" දෙයක් බවත් ඇය පැවසුවාය.

2022 දී, මානිස් මහත්මිය 2022 US Mullet ශූරතාවලියේ "Femullet" අංශයට තරඟ කර දෙවන ස්ථානය හිමි කර ගත්තාය.

US Mullet Championships යනු සෑම වසරකම අයදුම්කරුවන් 1,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වන ලෝකයේ ඇති Mullet Championships තරගාවලිය තුළ දැකිය හැකි විශාලතම තරඟ වලින් එකකි.